බ්ලූබෙල්ස් මල් වියන් බැදපු අහසක් යට යන්නන් වාලේ ඇවිල්ලා හැප්පෙන හුලං රේඛා වල් අස්සෙනුත් එක්තරා විදියකට ලා කලබලකාරී බවක් ගත්ත ඉසව්වක් මේක. ඔලුගෙඩි දාහක් කැරකෙන මේන් රෝඩ් එකක ගිනි දවාලක් කියන්නෙ ඉතින් කොලබ අහස යට කොහොමත් ලේසියෙන් ඔලුව උස්සන් ආතල් එකේ ඉන්න පුලුවන් වටපිටාවක් නෙවෙයි.
දමිල මලයාලම් සින්දුවල තාල ඉස්සරහ තියෙන ටැමිල් අකුරු වලින් හැඩකරපු නිල් පාට බෝඩ් එකක් තිබ්බ කඩයක් ඇතුලින් ඇහෙනවා. රතු පාට ගල් අල්ලපු පේමන්ට් කෑල්ලෙ ගහක් යටක හෙවන තපින ගමන් ඉන්න වයසක මනුස්සයෙක් එක්ක පොඩි කොල්ලෙක් විකුණන හදුන්කූරු සුවද කෑම සුවදවල් වෙනුවට වාතය අස්සෙන් විනිවිද යද්දි ටැක්සි කියලා බෝඩ් ගහපු වීල් තුන හතරක් ම ඒ අස්සෙ සෝනු ගෙන් යනවද කියලා අහන්න වගේ ඔලුවෙන් සන් කරද්දි සෝනු කී වෙනි පාරටද මන්දා බෙල්ල හරවලා තමන් හේත්තු වෙලා හිටිය නිල් පාට කුරුල්ලගෙ බොනට් එක දිහා බැලුවෙ මූන කලු කරගෙන." තුන්දාහට කරමු "
සෝනු කනේ ගහන් හිටිය ෆෝන් එකට මිමිනුවේ අර හෙවනක හදුන්කූරු පැකට් එකක් අරන් වාඩිවෙලා හිටිය පොඩි කොල්ලා එක්ක හිනාවක් බෙදාගන්න ගමන්.
" බෑ..මේක කඩේ යන්නෙත් නවය පන්නලා "
කෝල් එක එහාපැත්තෙන් ආයුෂ් ගෙ ගැබුරු කටහඩ ඇහෙද්දි සෝනු ෆෝන් එකෙ වොලියුම් වැඩිකරගත්තා.
" එහෙනම් පන්දාහක්..? "
" අටදාස් පන්සීයට දෙන්නම් එහෙනම් "
" වැඩියි යකෝ..ඔයිට හොදයි ගිහින් පිටකොටුවෙ තියෙන කඩකෑල්ලකින් ගන්නවා ඇයි යකෝ "
" එහෙනම් ඉතින් ගනින්කෝ මෙතන හැමිනෙන්නෙ.."
" දැන් උබට මට ඕක පන්දාහට දෙන්න බැරි ද..? "
සෝනු ලාවට ඇවිත් මූනට වැටෙන ඉර එලියට කවර් වෙන්න පැත්තට හැරුනෙ කෝල් එක එහාපැත්තෙන් ආයුෂ් උගුර පාදද්දි.. ඒ අනිත් එකා රෑ එලි වෙනකම් බීලා බීලා එකාගෙ උගුර සවුත්තු වෙලා
" මේ අහපන් පකයා..මේක කඩේ යන්නෙ දහයත් පන්නලා උපරිම අඩු කරලා අටකට දෙන්නම් ගන්නවනම් ගනින් නැත්නම් මට වැඩකුත් නෑ.. "
YOU ARE READING
CAFE 20 ( BL ) ONGOING
Non-FictionJust friends... Right ? AYUSH ♡ ADHEER Start - 03.06.2024 End - # 1 in nonfiction # 1 in Sinhala # 1 in Sri Lanka