"පලයං"
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
."පවුරු...නමුත්"
"කීවානේ...මගෙන් ඈතට පලයං....
"හහ්...ඔබ නම් පවුරක්ම තමයි"
"මගෙන් ඈතට වී සිටිනු"
කෝපයෙන් කෑගැසූ පවුරන්ද දස්කාල් එතැන තනිකර පිටව ගියා......
"ඔහුට කුමක් වීද...."
එලෙස සිතූ දස්කාල් නැවතත් තම කුටිය වෙත ඇවිද ගියා....
"මමනම් සිතන්නැහැ ඔහු කෙදිනකවත් සිනහ වී ඇතැයි....ඒ තරම් නපුරුයි...නමුදු ඔය කඩවසම් මුහුණට සිනහවත් එක් වූ විට සුන්දර වේවි පවුරු...මා හට කෙදින නම් ඔය මුවග සිනහවක් දැකිය හැකිද"
කල්පනාකරමින්ම කුටිය වෙත ගිය දස්කාල් මුලු සවස් වරුවම ගෙවා දැමුවේ කම්මැලි කමින්....
මේ දිනවල කාලන් ගේ වෙනස පිළිබදවයි දස්කාල් සිතමින් උන්නේ.....ඔහුට සිහිවුනේ පෙරදින දහවල...
"කුමරුනි ..භෝජන සූදානම් බැව් ඔබතුමන් වෙත පවසන්න කීවා..."
දස්කාල් පැවසුවේ කාලන් හට..ඔහු දෙස එක බැල්මක් පමණක් හෙලූ කාලන්
"හ්ම්..නුඹ පිටවයන්න....සිටින්න...නුඹ හා සිටින තරුණයා මා කැදවූ බව පවසන්න"
"හොදයි කුමරුනි"
"තවදෙයක්....ඔබ නැවත මේ කාර්‍යන් සිදුකලයුතු නැහැ....පෙර මෙන් අස් හලෙහි කාර්‍යන් පමණක් සිදුකරන්න...."
කල්පනාවෙන් මිදුනු දස්කාල්....මිමිණුවේ
"වෙනදා තරමින් බැනවදින්නේත් නැහැ....වෙනදා තරමින් කාර්‍යන් පවරන්නේත් නැහැ....දැන් මාව සියලු කාර්‍යන්ගෙන් මුදාහැරලා..කුමන විපර්‍යාසයක්ද...."
"පවුරු සමග ඔහු කුමක්ද සිදුකරන්නේ"
"වෙනදා ට උදෑසනම මා කැදවනවා දැන් එයත් නැහැ.....නමුත් උදයෙන්ම පවුරුව කැදවනවා....සේනාපති සමුද්‍රවද පිටත් කර හැර ඔවුන් කුමක්ද සිදුකරන්නේ....අර උද්දච්ච ආඩම්බර බාලකයානම් කෙසේවත් පවසන්නැහැනෙ....කුමාරයා පවුරු වෙත ආලයෙන් බැදිලද දන්නෑ..........හහ්..හා.....පවුරු... පවුරු....එය එසේනම් ඔබ වැටෙන්නේ ලොකු අමාරුවක..ඔහු අමාරුකාරයෙක්...හහ් හා"
BINABASA MO ANG
°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]
Historical Fiction"මේ එක් ශිෂ්යයෙකු තම ගුරුන්ට දෙන වදනයි_ එක් බාලසොයුරෙකු තම වැඩිමලා හට දෙන වදනයි__ මා ඔබ වෙනුවෙන් බලා සිටිනවා_ ඔබ කොහි සිටියත් ඔබ සොයා පැමිනෙනවා_ ඔබව සුරකිනවා_ ඔබ වෙනුවෙන්ම මියයනවා_"...