"ඕයි....උලව් ද්වාරය......චක්‍රා මේ මගුල විවර කරනවාආආආආආආ.....රෙද්ද.....මෙය සකසාගන්නෙත් නැහැ..මොන මගුලක්ද.....හැමිනිලා පලයං....හැම මොහොතෙහිම හිර වෙන්නෙ"ද්වාරයට එපිටින් ඇසෙනා සමුද්‍රගේ කෑගෑසිමත් සමගම සමුද්‍රට කෑගසනා භාතිගේ හඩත් ඇසී ගියා..
"කෑ නොගස සිටිනවා සමුද්‍ර....මොන මගුලක්ද?...කුමන වේලාවක වුවත් ඔය වදන්මනෙ මුව'ග තිබෙන්නේ"
"දැන් තෝ පැවසුවෙ අන්දෙයක් වෙන්ටෑ....පසෙකට වී සිටිනු මුග්ධයෝ"
"කවුරුන්ද සුනකයෝ...මුග්ධයා"
ද්වාරය විවර කිරීම පසෙක තබා ඔවුන් දෙදෙනා එකිනෙකා රන්ඩු වන විට සිනහසෙමින්ම නැගී සිටි දස්කාල් ද්වාරය විවර කලේ සුපුරුදු ලෙස එයින් මහා හඩින් චරස් ශබ්දය ඇසෙනා විට....
තවමත් දස්කාල් හා අමනාපයෙන් සිටි සමුද්‍ර හා භාති දස්කාල්ව නොදුටුවා සේ කුටිය තුලට පිවිසෙන විට දස්කාල් නම් මොවුන් දෙදෙනාගේ විකාර වූ හැසිරීම දැක අපහසුවෙන් සිය සිනහව නවතා ගත්තා...
මොහොතකට පමනක් තම හිස එසවූ දෙව්දාර් නැවතත් සිය ආහාර පැස දෙස බලා එහි තිබූ විසල් මස් කැබැල්ල තුලට අසල තිබූ ලෝහ කිනිස්සෙන් ඇන දැමුවේ එය සමුද්‍රට හා භාති හට ඇන්නාක් මෙන්....මහා හඩින් මේසය ශබ්ද වන විට දෙව්දාර් තමා කිසිවක් නොකලාක් මෙන් නැවත ආහාර ගැනීම ඇරඹු විට දස්කාල්ද එය නොදුටුවාක් මෙන්මුලුතැන් ගෙය වෙත ඇවුද ගියා...
භාති හා සමුද්‍ර නම් දෙව්දාර් කල දේ මනාව වටහාගෙන තිබූ අතර පුපුරු ගසනා දෑස් වලින් දෙව්දාර් දෙස බැලූවද ඔහු නම් ඉතාම සාමකාමී ලෙස ආහාර ගනිමින් සිටියා...දෙව්දාර් සිටි දැව මේසය අසලට ඇවිද ගිය භාති හා සමුද්‍ර මහ හඩක් නංවමින් දැව ආසනය පසෙකට කල අතර ඒමත සිද අනතුරුව නැවතත් මහා හඩකින් එය මේසය අසකට සමීප කලා...
මේ අතර තවත් ආහාර රැගෙන ආ දස්කාල් කිසිවක් නොදොඩාම ඒවා භාතිට හා සමුද්‍රට පිලිගැන්වූ අතර...ඔවුන් දෙදෙනාද කිසිවක් නොදොඩා ආහාර ගැනීම ඇරඹුවා..අනතුරුව නැවතත් සිය අසුන වෙත ගිය දස්කාල් මදක් කා අවසන් කල තම ආහාර ස්වල්පය නැවතත් ආහාරයට ගැනීම ඇරබුවා..
YOU ARE READING
°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]
Historical Fiction"මේ එක් ශිෂ්යයෙකු තම ගුරුන්ට දෙන වදනයි_ එක් බාලසොයුරෙකු තම වැඩිමලා හට දෙන වදනයි__ මා ඔබ වෙනුවෙන් බලා සිටිනවා_ ඔබ කොහි සිටියත් ඔබ සොයා පැමිනෙනවා_ ඔබව සුරකිනවා_ ඔබ වෙනුවෙන්ම මියයනවා_"...