දෙව්දාර්ගේ මතකයෙන්,(වසර ද්විත්වයකට ප්රතම)
"කාල කාල පැමිණෙන්නකෝ...අනේ...කාල..ඔසවගන්නකෝ....වෙහෙසයිනෙ...හුම්"
බොරුවට වෙහෙසයි යැයි කියමින් බිම වාඩිවී කන්කෙදිරි ගානා ධාර් අසලට පැමිණි කාල ඔහුව ඔසවාගත්තේය..
"කෝ...පැමිණෙන්න ඉදින්...මුග්ධ බාලකයා...මුසා පවසනවා නේ..."
සිය දෑත් අතර සිටිනා කුඩා ධාරුගේ නාසයට මෘදු ලෙසින් තට්ටුවක් දැමූ කාල සිනහසෙමින් විමසුවේය...
"මා...මුසා පැවසුවේ නැහැ..හුම්....මේ පාදය ඉදිමී ගොස්...හුහ්..ඔබට කිසි ගානක් නැහැ..දුස්ට කාල....අර ඔහු ගැනම සිත සිත ඉන්න..මා මරාදමනවා "
"කා ගැනද මා සිතන්නේ ම්ම්...මා නම් සිතමින් සිටින්නේ මගේ සිරුරේ වෙලී සිටිනා කුඩා වදුරු පැටවා ගැන...ඔබ කුමක්ද සිතන්නේ ධාර් ආ...."
කාලගේ පිළිතුරින් සෑහීමකට පත් අයුරින් සිනහසුනු කුඩා ධාර් තව තවත් කාලගේ දෙඅත් අතරට තෙරපුනේය....
"දැන් නම් කුඩා වදුරු පැටියෙක්මයි..."
කාලගේ කුඩා විහිලුවට මදක් සිනහසුනු ධාර්...තවත් තදින් කාලගේ ගෙල බදාගත්තේය....
"කාල...."
"ම්ම්..කිමද"
"ඔබ මා දමා යනවාද"
එයත් සමග ධාර්ව ඔසවාගෙනම මද දුරක් ඇවිද ගෙන ආ කාල එතැන්හිම නැවතුනි...
"කිමද මේ ධාරු....ඔබ ඇයි මෙලෙස සෑම විටම අසන්නේ..කවුරුන්හෝ යමක් කීවාද....ආ...කවුද එසේ කීවේ...මා කුමටද මගේ වදුරු පැටියව හැර දමා යන්නේ.."
"හුම්...කිසිත් නැහැ කාල..මා හට නිකමට සිතුනා"
ධාර්ගේ අවිහින්සක මුහුණ දෙස බලා තවත් ඒ කුඩා හදවත වේදනාවට පත් කිරීමට නොසිතූ කාල සෙමෙන් ඔහුගේ මදක් වැවුනු හිසකෙස් අතර සිය දෑත ගෙන ගියේ එහි සනීපයට කුඩා ඔහුගේ දෑස් පියැවී යන විටය...
"ධාර්...ඔබ සැම විටම කාල කාල කියා මා ඇමතුවට...මගේ සැබෑ නාමය පවසන්නෙම නැහැනෙ ඉදින්..."
කුඩා ඔහු හය තවම හරිහැටියට තමාගේ නාමය කීමට නොහැකි බව දැන දැනම එසේ අසනා කාලගේ උර වෙත මද පහරක් ගැසූ ධාරු ඔහු හට එවවූයේය...
![](https://img.wattpad.com/cover/281029235-288-k809157.jpg)
YOU ARE READING
°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]
Historical Fiction"මේ එක් ශිෂ්යයෙකු තම ගුරුන්ට දෙන වදනයි_ එක් බාලසොයුරෙකු තම වැඩිමලා හට දෙන වදනයි__ මා ඔබ වෙනුවෙන් බලා සිටිනවා_ ඔබ කොහි සිටියත් ඔබ සොයා පැමිනෙනවා_ ඔබව සුරකිනවා_ ඔබ වෙනුවෙන්ම මියයනවා_"...