අවසානයේ තදින් ඇළී තිබු ඇහි පිහාටු අපහසුවෙන් විවර කරමින් දස්කාල් අවධි වූයේය..නැත එයට අවධි වූවා යැයි කිව නොහැක..කිමද යත් හේ ඔහු නැතිව ගෙවුනු පළමු රැය නොනිදා පහන් කල නිසාය...
දෙව්දාර්ගේ සයනය පාමුල සිදගෙන ඔහුගේ සුවද තැවැරුනු සයනය මතින් හිස තබාගෙන බොහෝ වේලා ගතකල හේ පසුදා අරුණෝදයත් පසුවී අටෙහි හෝරාව ගෙවෙන තෙක්ම නොසෙල්වී එලෙසින්ම උන්නේය...
දස්කාල් දනී මෙය හුදෙක් සමුගැන්ම නොවන වග..හේ මනා සේ දනී ඔහු නැවත පැමිනෙන බව....නමුත් දිවියේ ප්රතම වරට හදවතට දැනුනු පුද්ගලයා...මෙතෙක් දවසක් එකම කුටිය බෙදාගත් පුද්ගලයා නොමැතිව මෙලෙස එක්වරම සියල්ල වෙනස් වූවාම..හේ කෙසේනම් දරාගන්නද....
"ඔහු පැමිනේවි"තමාටම පවසාගත් දස්කාල් අවසන සිත දැඩි කරගෙන නැගී සිටියේය...පිරිසිදු වී සුපුරුදු ලෙසින්ම ධවල පැහැ වස්ත්රයක් දැරූ හේ අවසන සිය සුපුරුදු රාජකාරීන් උදෙසා පිටව යෑමට ඉටා ගත්තේය...
කුටියේ ද්වාරය විවර කල දස්කාල් වසර ගනනක් මුළුල්ලේ එය විවරකරනා විට නැගුනු චරස් ශබ්දය නොආවෙන් ඒ දෙස හොදින් බැලුවේය...
සැබෑය..දෙව්දාර් එය සාදා තිබුනි....ඉදින් කෙසේනම් එය ශබ්ද නගන්නද..නැත දෙව්දාර් එය සාදා තිබුනා නොව නව ද්වාරයක් සවිකර තිබුනි...නව ද්වාරය දෙස් නැවත වරක් බැලූ දස්කාල් එය වසා දමමින් පිටතට පැමිනිවිට දුටුවේ තැන තැන්හි පාසි බැදී අබලන් වූ පැරනි ද්වාරය කුටියේ පිටත එක් කෙලවරක හේත්තු කර ඇති බවයි...එය දෙස හිස් බැල්මක් පමනක් පාකර හැරි දස්කාල් නිහඩවම මාලිගය දෙසට ඇවිද ගියේය...
වෙනදාක මාලිගයට යන තෙක්ම කුමක්හෝ කරමින් යන දස්කාල්හට අද ඒ කිසිවකට ප්රියතාවයක් නොවුනි....
කුමරමාලිගය වෙත පැමිනි හේ සුපුරුදු ලෙස රාජකාරී කටයුතු වල නියැලුනා වුව වෙනදාක මෙන් කිසිදු ප්රියතාවයක් නොවුනි...අද දින කාලන්ගේ මුවග කිසිදා නොතිබූ අමුතු අන්දමේ සතුටු සිනහවක් දුටු දස්කාල් හට ඒ ඔහුට යම් සතුටුදායක කාරණයක් නිසාද නැතිනම් දෙව්දාර් පිටව ගිය නිසාද යන්න වටහාගැනීමට නොහැකි වුනි......
![](https://img.wattpad.com/cover/281029235-288-k809157.jpg)
YOU ARE READING
°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]
Historical Fiction"මේ එක් ශිෂ්යයෙකු තම ගුරුන්ට දෙන වදනයි_ එක් බාලසොයුරෙකු තම වැඩිමලා හට දෙන වදනයි__ මා ඔබ වෙනුවෙන් බලා සිටිනවා_ ඔබ කොහි සිටියත් ඔබ සොයා පැමිනෙනවා_ ඔබව සුරකිනවා_ ඔබ වෙනුවෙන්ම මියයනවා_"...