__°63°__

1.2K 210 179
                                        

"චන්දෲ...යමු"

ඉදින් දැන් නිහඩවම අධික සමයක් ගෙවී ගොසින්‍ ය...තමා නම් ඉදින් එතරම් කතා බස් නොකරයිනෙ.නමුත් මේ කාලගේ මුව  වැසී ඇත්තේ ලැජ්ජාවකටදැයි සිතුනු දෙව්දාර්ගේ මුවග මදහසක් නැගුනි ...
තමා ඉදින් දැන් ඔහුගේ ස්වාමියානෙ..

දෙව්දාර් හට ඔවුන්ගේ අතීතය සිහියට නැගුනි...සත්තකින්ම ඔවුන් කෙතරම් නම් පරිවර්තනය වී ගොසින්ද...

එදවස කුඩා කල ආදරේ යැයි පවසමින් කාල අසලම හුරතල් වුනු තමා  අද රුදුරු සීතල මිනිසෙකු බවට පත් වීලාය....

එදවස සීතල ලෙස තමාව ප්‍රතික්ෂේප කල කාල අද වුවමනාවටත් වැඩියෙන් අසල හුරතල් වන්නේය...

නමුදු එදවස කාල තමා හට දුන් ආලයේත් තමා ඔහුට දුන් ආලයේත් අදවන විට වැඩිවීමක් මිස අඩුවීමක් නම් නොවන වග සක්සුදක් සේ පැහැදිලිය....

සිය දෑසට කදුලු උනනා වග වැටහුනද දෙව්දාර් කිසිත්ම නොකලේය...චහ් මේ මගුලෙ කදුලු..කාල හමුවුනා පමණයි තිබූ සීතල ගති සුළගේ ගසා ගොසින් හුහ්...තමා චන්ද්‍ර සෙන්පති දෙව්දාර් නොවෙද..කුමට හඩනවාද....අනික ඉදින් තමා හැඬුවේ නැහැනෙ...දෑසට යමක් ගියා මිසක...හුම්..

දෙව්දාර් සුපුරුදු පරිද්දෙන් තමාවම නිවැරදි කරගෙන අනතුරුව මදක් ඉදිරියෙන් ඇවිදගෙන යන දස්කාල් දෙස බැලුවේය...

චන්දෲ ඔබ තනිව ගමන් කල කාලය අවසන්...දින් දැන් මා හා ගමන් කරන්න සදහටම...

සිතින් මිමිණූ දෙව්දාර් දස්කාල් අසලටම ඇවිදගොස් ඒ සුසිනිදු දෑත ඔහුගේ රලු අත'තර පටළවා ගත්තේය...

මකර සෙන්පති වූවත්  එතරම් රලු ආයුධ සෑම දිනකම පාහේ හැසිරවූවත්...රුද්‍රාගේ තෝන්පටින් දෑත ඉදහිට කැපීගොස් තිබුනත්...දෙව්දාර් හට අනුව නම් දස්කාල්ගේ දෑත් අතිශය සුසිනිදු වූවේය...

සත්තකින්ම මෙය දෙව්දාර්ට පමණක් නොව දස්කාල් හටද නවමු අත්දැකීමක්ම වූවේය...

දස්කාල් ඕනෑතරමින් දෙව්දාර්ගේ දෑත් අතර තම දෑත පටලවා ගන්නට ඇති..නමුත් ඒ දස්කාල්ගේ පවුරු ලෙසය..චන්දෘගේ දේව් ලෙසය....නමුත් අද දින මේ සිටින්නේ තමා වසර දහනවයක් පුරා පැමිණෙන තෙක් උපේක්ෂාවෙන් බලා සිටි පුද්ගලයායි...වසර ගණනක් පුරා සිත සෙවූ පුද්ගලයායි...සෑම මොහොතකම අසල නොමැති වුව හදවතින් තුරුලු වූ පුද්ගලයායි...ඉදින් මේ හැගීම දෙදෙනා හටම නව අත්දැකීමක් වූවෝය...

°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]Место, где живут истории. Откройте их для себя