__°67°__

813 167 126
                                    

"ඔහ්...සයුරූ බැහැපන්...යමක් අමතක වූවා"

දෙව්දාර් පහළ සිටිමින් කෑගසන විට...පුෂ්පයන් අතර අතරමන්වෙමින් සිටි සමුද්‍ර වෘක්ෂය මත සිටම ඇසළ මල් අතරින් හිස දැම්මේ දෙව්දාර් හට සිනහනැගෙන විටය...

"තෝ ලලනාවක් සේමයි"

ඇසළ පුෂ්ප අතරින් හිස දැමීම හේතුවෙන් සමුද්‍රගේ දෙකන් අසලින් එල්ලෙමින් තිබූ පුෂ්ප දුටු දෙව්දාර් එසේ පැවසූ විට සමුද්‍ර හිස ගසා දැමුවේය...

"උඹට කුමක්ද අමතක වූයේ"

සමුද්‍ර පහළ බැලූ විට දෙව්දාර් සමුද්‍රගේ මුව මගහරිමින් පැවසුවේ...

"රිදී මිලට ගත යුතුයි"

ඒත් සමගම දෙව්දාර් හට රවා බැලූ සමුද්‍ර වෘක්ෂය මත සිට බිමට පැන්නේය....

"තෝ පවසන්නේ...දැන්..මේ පුෂ්පයන්ද රැගෙන අර කඩමණ්ඩිය වෙත යායුතුයි කියාද?"

සමුද්‍ර අසනා විට දෙව්දාර් කිසිත් නොදන්නා ලෙස සිනහවෙන්ම හිස ඉහල පහල වැනුවේය...

"පුෂ්පයන් තබා යමු ඉදින්...දිනේන්ද්‍රාන්තයේ රිදී අවසන් වී තිබෙන්නේ...අප පුෂ්පයන් මෙහිම තබා..කඩමණ්ඩියට........."

දෙව්දාර් හට එවදන අවසන් කිරීමට නොහැකි වුනි....සමුද්‍ර කෑගැසුවේය....

"නොහැකීයීඊඊ පුෂ්ප තැලුනොත්.."

"එසේනම් මේ සම්මල්ල තුලට දමන්න"

සමුද්‍ර හට රවා බැලූ දෙව්දාර් සම්මල්ලක් ඔහු වෙත දිගු කලේය...

"නොහැකියී..මේවා තැලුනොත්"

ඉදින් ඔන්න දැන් නම් දෙව්දාර්ගේ ඉවසීම අවසන් වී යාමට ආසන්නය...

"අනේ මගුල..අර බලපන් අර වෘක්ෂය...මේ පුෂ්ප එහි එල්ලා තිබියදී තැලුනද..නොවේනේ..ඒ ලෙසින් මේවා තැලෙන්නේ නැහැ..එනිසා අප මේවා මෙහි තබා...නගරයට ගොස් රිදී රැගෙන පැමිනෙමු....පුෂ්ප අතැතිව මාවත වෙත යාමට නොහැකියිනේ..."

"නමුදු කෙසේද නිවැරදිව පවසන්නෙ...තැලු...."

සමුද්‍ර එය අවසන් කිරීමට පෙර දෙව්දාර් ගිගිරුවේය...

"සත්තමයි උඹ නැවතත් ඔය තැලීමක් ගැන පැවසුවොත් මා තලනවා ඔබව..රෙද්ද..."

°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]Where stories live. Discover now