"පැමිනෙන්න...පැමිනෙන්න...ඔබ පුන පුනා බලාසිටි "සතරසෙන්පතීන්ගේ කතාවස්තුව" ඇසීමට පැමිනෙන්න....මිත්‍රත්වයෙන් ආලයෙන් වෛරයෙන් බැදී ඇති සතරසේනාපතීන්ගේ කතාව!"
චන්ද්‍රහාස කන්දේ වීදිවල විසිරී සිටි මිනිස් ජනයා දහස්සංඛ්යාවක් එක්තැනකට රැස් කිරීමට ඒ මහලු මිනිසාගේ ගොර්හැඩි කටහඩ සමත් වුනා...
"සීයා....කවුරුන්ද සතර සෙන්පතීන්"
තම අපිරිසිදු මුඛය විවර කර සිනැහුනු මහල්ලා ඒ කටකාර කුඩා දරුවා දෙඩට හැරී තම කටහඩ අවදි කලා....
"දරුවා....සතර සෙන්පතීන් යනු "චන්ද්‍ර සෙන්පති,සූර්ය සෙන්පති,මකර සෙන්පති වගේම අසුර සෙන්පති"
"කුමක්ද...."
''මේ මහල්ලා කුමක්ද පවසන්නේ..."
"අපේ සමුද්‍ර සෙන්පති,චන්ද්‍ර වංශයේ සෙන්පති දෙව්දාර් එවිට අර මියගිය මකර සෙන්පති වගේම පුරාවෘතයේ එන අසුර සෙන්පතිවත් සම්බන්ධ කර මේ අඤාණ මහල්ලා කුමක්ද පවසන්නේ"
"මොහු උමතුවෙන්..."
ඔවැනි කසුකුසු බොහෝමයක් පිරිස අතරින් නැගුනේ ඒ නාමයන් සතර එකම මොහොතක ඇසුනු නිසාවෙන්...
"හහ් හා...නුඹලා බිය වුනාද..බිය වන්න එපා...තවම බියවීමට කාලය නොවෙයි...මහා සංග්‍රාමයක් අතලගයි....මීට වසර විස්සකට පෙර පැවති යුද්ධයට දරුනු වූවක්....ඔව් අනාවැකිය සත්‍ය වේවි....මිශ්‍ර ලේ ඇති කුමරෙක් නැගී සිටීවි........කාලනේත්‍ර අසිපත නැවත පෙනී සිටීවි....සෙන්පතීන් සතර එක් වේවි...වෛරයෙන්,මිත්‍රත්වයෙන්,ආලයෙන් සතර සෙන්පතීන් එක් එක්වේවි....."
"හේයි...මහල්ලා නුඹ උමතුවෙන්ද...අප සැවොම දන්නවා...අසුරසෙන්පති මිත්‍යාවක් වග...අනික කලකට ඉහතදී මකර සෙන්පති මියගියා....හොදයි එය අතහරිමුකො...කුමක්ද ඔබ මේ සෙන්පති දෙව්දාර් හා අපගේ සමුද්‍ර සෙන්පති එක් කර තනන්නට යන මුසාව...සැවොම දන්නවා චන්ද්‍ර සූර්ය වන්ශ එකිනෙකාට තහනම් වග...එවිට සූර්ය සෙන්පති හා චන්ද්‍ර සෙන්පති කිසිදා එක්ව කාර්ය නොකරාවි...අනික නුඹ නැවත අර කලකට ඉහත පැතිරුනු කටකතාව නැවත ඇදගෙන කුමක්ද සිදුකරන්නෙ...අමතකද එකල සියලු මුශ්‍ර ලේ මරාදැමූ බව...ඔයින් වෙන්නේ අප වැනි අසර්ණයන් මැදි වීමයි...එනිසා විකාර නොකියා පිටවෙනු"
ESTÁS LEYENDO
°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]
Ficción histórica"මේ එක් ශිෂ්‍යයෙකු තම ගුරුන්ට දෙන වදනයි_ එක් බාලසොයුරෙකු තම වැඩිමලා හට දෙන වදනයි__ මා ඔබ වෙනුවෙන් බලා සිටිනවා_ ඔබ කොහි සිටියත් ඔබ සොයා පැමිනෙනවා_ ඔබව සුරකිනවා_ ඔබ වෙනුවෙන්ම මියයනවා_"...
![°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]](https://img.wattpad.com/cover/281029235-64-k809157.jpg)