කාලි කොතරම් මුරණ්ඩු වුවත් රාජ්‍යට කොතරම් නම් වෛරයක් පැතිරවූවත් තමන් හා භාති අසලදී ඔහු ඔහුගෙන් ගිලිහී ගිය වසරවල් සෙවූ බව ඈ ලියා තිබුනි...
වසර දහනවයකට පෙර ආර්ය කුමරුගේ ආ උත්පලා බිසවුන්ගේ වෛරීය හදවත් වල වන්දිය ගෙවීමට සිදුව ඇත්තේ කාලි හටය...
තමාගේ ලෙයින්ම උපන් දරුවා සිය සොහොයුරා ගෙන් හා සොහොයුරියගෙන් වෙන් කර ඔවුන්ගේ සතුරන් වූ දස්කාල්ගේ පරිවාරය හා හැදී වැඩීමට තැබූයේ ඔවුන්ගේ උපක්‍රම සාර්තක කර ගැනීමටය...
ඒ කිසිවක් නොදැන සිටි කාලි දස්කාල් හා දෙව්දාර් අතර කොතරම් නම් අපූරු ලෙස හැදී වැඩුනද සිය පරිවාරයෙන් වෙන් වූ වේදනව කාලිගේ හෘදය තුල කැකෑරෙමින් තිබුනි...
එදින..එකී අවාසනාවන්ත දිනයේ දස්කාල් හා දෙව්දාර් සමගම සිහිසුන් වූ කාලි දෑස් විවර කල පලමු දසුනෙන්ම දුටූවේ තමා ඉමහත් ප්‍රේම කල කාදි නැන්දනියගේ හස්තයෙන්ම සිය මෑණියන්ගේ හා පියාණන්ගේ ප්‍රාණය සිදලන ආකාරයයයි...
කුඩා හෘදයට හොදක් නරකක් තෝරා බේරාගැනීමට තරම් ශක්තියක් නොතිබි අතර මෙකී කතාවේ දුෂ්ටයන් ඔවුන් නොව තමාගේම මැනියන් හා පියාණන් බව විශ්වාසක කිරීමට කාලි අපොහොසත් වී තිබුනි...
මිය ගිය සියල්ලන් අතර දස්කාල්වත් දෙව්දාර් වත් නොසිටි බැව් දැක ඔවුන් දෙදෙනා නැවතත් තමා තනිව හැරගොස් බව සිතූ කාලිගේ කෝපය මහත් අධික විය...
වසර කිහිපයකට පෙර මගහැරුනු තම සොහොයුරා හා කුඩා සොයුරිය සොයා කුඩා කාලි කොතරම් නම් වෙහෙස වුවද ඒ සියල්ල හුදෙක් නිශ්පල ක්‍රියාවන් පමණක් වී තිබුනි...
මදින් මද වැඩී තරුණ වියට පා තබත්ම කාලි අතිශය කඩවසම් වුවත් පෙර තිබූ අලංකාර හෘදය නම් ඔහුට හිමිව තිබුනේ නැත...
තම පරිවාරය නැසූ අයවලුන්ගෙන් ජීවත් වී සිටින එකම පුද්ගලයා දස්කාල් වීමත්...ඔහු හට සිය පරිවාරයේ පලිය ගැනුමට හැකි එකම පුද්ගලයා ඔහු වීමත් හේතු කොට ගෙන හේ දස්කාල්ව මරාදැමීමට වසර ගණනාවක් සොයාලූයේ ඔහු කලක් තමාගේ හොදම මිත්‍රයා වග අමතක කර දමාය..
YOU ARE READING
°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]
Historical Fiction"මේ එක් ශිෂ්යයෙකු තම ගුරුන්ට දෙන වදනයි_ එක් බාලසොයුරෙකු තම වැඩිමලා හට දෙන වදනයි__ මා ඔබ වෙනුවෙන් බලා සිටිනවා_ ඔබ කොහි සිටියත් ඔබ සොයා පැමිනෙනවා_ ඔබව සුරකිනවා_ ඔබ වෙනුවෙන්ම මියයනවා_"...