දස්කාල් කඩවීදියේ සිට නැවත මාලිගය වෙත පැමිනියේ සිය නව නිපැයුමට අවැසි භාණ්ඩ කිහිපයකුත් කඩමණ්ඩියෙන් මිලදී ගන්නා ගමන්.........සේද අවන්හලේ සිදුවීමෙන් අනතුරුව දෙදිනක් ගෙවී ගියද.....තත්වය පාලනය වී ඇති බවක් පෙනුනේ කිසිවෙකු දස්කාල් හට කිසිවක් නොකී නිසාවෙන්.....නමුත් එලෙස ඉක්මනින් තත්වය වෙනස් වේ යැයි දස්කාල් කිසිවිට බලාපොරොත්තු වුනේ නැහැ.......
දස්කාල් හට අවස්තාවක් ලැබුනු සැටියේම කුමක් හෝ කීමට මගබලාසිටින්නවුන් බොහෝමයක් මාලිගාවේ සිටිනවා...ඉදින් මෙතරම් දෙයක් සිදු වූ පසුත් දෙදිනක් යන්නට මත්තෙන් මාලිගාව සාමකාමී වුනේ කෙසේද යන්න දස්කාල්ට ගැටලුවක්...
දස්කාල්ගේ කුටිය පිහිටියේ මාලිගා පරිශ්‍රයෙන් එපිට....රජු සහා කාලන් කුමරු වෙසෙන ප්‍රධාන මාලිගයත් උපභාර්‍යාවන් හා පරිවාරය වෙසෙන අනුමාලිගයටත් එපිටින් ඇති සෙන්පතින්,සෙබලුන් වෙසෙනා කුටිවලටත් එපිටින් පිහිටි දැසි දස්සන්ගේ කුටි වලිනුත් බොහෝ ඈතින් වනයට ආසන්නවයි ඔහුගේ කුටිය පිහිටා තිබුනේ...
අනෙකුන්ට නම් එය අපහසුතාවයක් ගෙනදුන්නද දස්කාල්ට නම් එසේ නෑ...කිමද මාලිගාපරිශ්‍රයේ ඝෝෂාකාරී වාතාවරණයෙන් එපිට කුටිය තිබූනිසා ඒ අසල තිබුනේ සාමකාමී පරිසරයක්.....
එය අබලන් වූ පැල්පතක් වුවද දස්කාල් එය තනා තිබුනේ කුඩා නිවසක් ලෙසට...කුටියෙන් එපිට කුටිය වටාම ලී වලින් වැටක් තනා තිබුනා.......වැටත් කුටියත් අතර කෙලවරින් පිහිටි නමක් නොදන්නා විසල් රුක පාමුල දස්කාල් තනා තිබුනේ අනගි ආසනයක්......බොහෝ විට විවේක කාලයන්හීදී දස්කාල් තම නිමැවුම් තනන්නේ එහි සිටයි......
මාලිගයෙන් එපිට තිබූ නිසාත් වනාන්තරයට ආසන්න වූ නිසාත් එහි තිබුනේ හරිත පැහැ ගත් පරිසරයක්....දස්කාල් එයට වඩාත් ප්‍රිය එනිසාමයි....
"දෙව්දාර් නුඹ මගුලෙ අමනයා"
"මරාදමනවා සැවොම.."
"උද්ධච්චයා...නීචයා...."
ඈතින් කුඩා තිතක්ව පෙනෙන තම කුටිය වෙත යන අතරමගදී දස්කාල්ට ඇසුනු ඒ හඩ නිසා දස්කාල් අපහසුවෙන් සියසිනහව නවතාගෙන නොනැවතීම ඉදිරියට ගියේ....සිනහවී සෙන්පති සමුද්‍රගේ ක්‍රෝධයට බදුන් වීමටඔහුට කිසිදු වුවමනාවක් නොතිබූ නිසා...
YOU ARE READING
°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]
Historical Fiction"මේ එක් ශිෂ්යයෙකු තම ගුරුන්ට දෙන වදනයි_ එක් බාලසොයුරෙකු තම වැඩිමලා හට දෙන වදනයි__ මා ඔබ වෙනුවෙන් බලා සිටිනවා_ ඔබ කොහි සිටියත් ඔබ සොයා පැමිනෙනවා_ ඔබව සුරකිනවා_ ඔබ වෙනුවෙන්ම මියයනවා_"...