"ස..මු..ද්‍ර"
දස්කාල් උගුරෙන් මෙන් වදන් ගැට ගැසුවේය...
මීට වසර දහනවයකට ප්‍රතමයෙන්...ඔහුගේ දෑස් ඉදිරියේම ඔහුගේ ධාර් රුධිර විලක් මත ඇද වැටුනු දා දස්කාල් හට සිහිවිය...දැන් අද දින...පවුරු ද මෙලෙසින් රුහිර ගංගාවක් මධ්‍යයේය....
ඉතාමත් අපහසුවෙන් පෘථිවි මතින් බිමට බට සමුද්‍ර දෙව්දාර්ව ඔසවා බිමට ගෙන සිය සිරුරට ලං කර ගත්තේය...
දෙව්දාර් සිටියේ ඔහුගේ වම් අතින් ඔහුගේ උදරය තදකර අල්වා ගෙනයි...රුදිරය වෑස්සුනේ එතැනිනි...
පය පැටලී දෙදෙනාම වැටෙන්නට යන විටදී පියවි සිහියට පැමිනි දස්කාල් දිව විත් ඔවුන් දෙදෙනාව අල්වා ගත්තේය...
"දෙව්.........දේව් කිමද මේ..කතා කරන්නකෝ...ස..මුද්‍ර...අනේ කුමක්ද සිදුවූයේ..ඔහු ඇයි මෙලෙස..ඔබ.ඔබ..ඔබටත් තුවාල වීලා...අනේ කිමද කුමක්ද සිදුවූයේ............
පවුරු..දෑස් හරින්න....මට බියයි...අනේ පවුරූ...දෑ..ස් විවර කරන්න...."
දස්කාල් ඔවුන් අසලට ගිය මොහොතට දස්කාල්ගේ ධවල පැහැ වස්ත්‍ර රක්ත පැහැ ගැන්වුනේය....ඒ තරම් රුහිරු ප්‍රමානයක් දෙව්දාර්ගෙන් ඉවත්ව යමින් තිබුනි....
"වෛ..වෛද්‍ය තුමන්....මා..මා...වෛද්‍ය තුමන් කැදවා එන්නම්...පවුරු ... ඔබට කිසිවක් සිදු නොවෙයි...."
මාලිගා ද්වාරය වටා දැනටමත් සියගනන් ජනයා රැස්ව මෙය බලා සිටියා වුව කසුකුසු ගෑම ඇරෙන්ට වෙනත් කිසිවක් නම් ඔවුනතින් සිදු නොවූයේය...
සමුද්‍රව හා දෙව්දාර්ව ඇතහැරි දස්කාල් මේ ප්‍රධාන විදිය මධ්‍යයේම පිහිටි රාජකීය වෙදදුරාගේ නිවස දෙසට දිවයාමට සැරසුනත් ශක්තිමත් දෑතකින් ඔහුව නවතනු ලැබීය....
දස්කාල් සිය දෑතේ පැටලී ඇති රුධිරය තැවරුනු දෑත දෙස බලා ඒ ඔස්සේ එහි අයිතිකරු වෙත දෑස් ගෙන ගියේය....
ඉදින් ඒ දෙව්දාර්ය...ඔහු රුධිරය පිරීම නිසා රත්පැහැ ගැන්වූ අඩවන් දෑස් මතින් දස්කාල් දෙස බලාන සිටියේය..
"ච..න්..දෲ.."
දෙව්දාර් වදන් ගැටගැසුවේ අපහසුවෙනි...එය අක්ෂර ත්‍රිත්වයක් පමනක් වුව ඔහු හට එය අපහසු වූවේය...
VOCÊ ESTÁ LENDO
°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]
Ficção Histórica"මේ එක් ශිෂ්යයෙකු තම ගුරුන්ට දෙන වදනයි_ එක් බාලසොයුරෙකු තම වැඩිමලා හට දෙන වදනයි__ මා ඔබ වෙනුවෙන් බලා සිටිනවා_ ඔබ කොහි සිටියත් ඔබ සොයා පැමිනෙනවා_ ඔබව සුරකිනවා_ ඔබ වෙනුවෙන්ම මියයනවා_"...
![°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]](https://img.wattpad.com/cover/281029235-64-k809157.jpg)