දස්කාල් කුටියේ කවුලුව අසල අසුන් ගෙන දෙව්දාර් දෙස බලා සිටියේය..කුමක් වුවත් තවමත් දෙව්දාර්ගේ කෝපය මද ලෙසකින් වත් පහව නොගොස් ඇති බව දස්කාල් දැනුවත්....කෝපයෙන් දෑස් කරකවමින් තමාටම කුමක්දෝ මුමුණා ගන්නා දෙව්දාර්ව දුටු දස්කාල් හට නිතැතින්ම සිනහවක් නැගුනි....
එවේලෙහි තවත් කිසිවක් නොපවසාම කාලන් ශිල්‍යාවත් ඇදගෙන මෙන් රැගෙන ගිය මොහොතේ පටාන් දෙව්දාර්ගේ හැසිරීම ඔයලෙසම වූයේය..ඔවුන් පිටවගිය පසු කුටිය වෙත පැමිනි හේ දස්කාල් හටවත් ඇතිළු වීමට ඉඩ නොතබාම අබලන් ද්වාරය දඩාඃ හඩින් වසා දැමූ අතර..දස්කාල් බොහෝ වාරගනනක් ඇවැටිලි කල පසු අවසානයේ මදක් පහව ගිය කෝපයෙන් හේ ද්වාරය විවෘත කලේය...
ඉදින් එවේලෙහි සිට කුටිය තවමත් එලෙසමය...දෙව්දාර් තවමත් පහව නොගිය කෝපයෙන් සිටි විට දස්කාල් ඔහු දෙස බලමින් සිනහසෙන අතරම කල්පනාවේ නික්මුනි..
"දෙව්දාර් ඔබත් මගේ කුඩා ධාරු සේමයි...ඔහු ජීවත් වනවා නම් නිසැකයෙන්ම ඔබේ වයසෙහිම පසුවන්නේ...මා දන්නවා ඔහු ජීවත් වනවා....කොතැනක හෝ ජීවත්වනවා....කොහි හෝ ඉදිමින් මා සොයනවා ඇති.........ඔබේ හැසිරීම් සහමුලින්ම මා හට ඔහුව සිහි කරනවා පවුරූ.....ඔබත් ඔහු සේමයි....මා හට කිසිවෙකු කිසිවක් පවසනවාට ප්‍රිය නැහැ..ඔබ එය නොපෙන්වුවාට ඔබත් සිදුකරන්නේ එයමනෙ පවුරූ....නමුත් මා දැනුවත් ඔබ ඔහු නොවන වග...මා දැනුවත් පවුරූ...චන්ද්‍ර සෙන්පති දෙව්දාර් යනු මගේ ධාරු නොවෙයි.....නමුත් දේව් දහස් වරක් සිතෙනවා ඒ ඔබ වූවානම් කියා..කිම ඒ ඔබ නොවුනේ...ඔබත් ඔහු ලෙසමනෙ.....නමුත් ඒ ඔබ නොවෙයිනෙ...දන්නෙහිද දේව් එදින මා ඔබ මුල්වරට දුටු දිනයෙහි...ඒ ගංදිය මත.....ඔබේ උඩුකයෙහිත් ඒ ලෙසින්ම ගැඹුරු කැපුම් පහරක් දුටු විට..මා තිගැස්සී ගියා දේව්....මගේ ධාර්ගේ ලෙසින්ම ඔබෙත් එය දුටුවාම...මා සිතුවා ඔබ මගේ ධාර්මයි කියා..නමුත්....නමුත් ඒ ඔබ නොවෙයිනෙ පවුරූහ්....ධාර්ගේ දකුණතේ මැණික් කටුව ආසන්නයේ පිහිටි චන්ද්‍ර සූර්ය සලකුන සහිත කැලැල ඔබ අතෙහි නොමැතියිනෙ දේව්...
එය කිසිදා නොමැකෙන කැලැලක් පවුරූ...නමුත් ඔබෙ දෑතෙහි එය නොමැතියිනෙ...ඒ ඔබ නොවෙයි පවුරූ...මගේ ධාර්...ඒ ඔබ නොවෙයි....
YOU ARE READING
°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]
Historical Fiction"මේ එක් ශිෂ්යයෙකු තම ගුරුන්ට දෙන වදනයි_ එක් බාලසොයුරෙකු තම වැඩිමලා හට දෙන වදනයි__ මා ඔබ වෙනුවෙන් බලා සිටිනවා_ ඔබ කොහි සිටියත් ඔබ සොයා පැමිනෙනවා_ ඔබව සුරකිනවා_ ඔබ වෙනුවෙන්ම මියයනවා_"...