__°16°__

1.5K 241 229
                                        

කවුලුවෙන් එපිට බලා හිදි කණ්ඨක රජුන් තම අදුරු පුරාණ කතාවස්තුව එලෙසින් නිම කලේ කොපුල් හරහා කදුලු ගන්ගා රූරා වැටෙන මොහොතක....

තම පියා යනු ලෙහෙසියකට තම හැගීම් නොපෙන්වන අයෙකු බව මනා සේ දත් කාලන් විස්මයට පත්වුනේ දිවියේ ප්‍රතම වරට තම පියා කදුලු සලනා අයුරු දුටු හෙයින්... ඒ වූ පුරාණ කතාව ගැන සදහන් කරද්දි රජුන් මෙතරම් සංවේදී වනවානම් කාලන් වටහාගත්තා තම පියාතුල ඔහුගේ වැඩිමහල් සොයුරා වෙනුවෙන් ඇති ආලයේ තරම පිලිබදව...

ඔහු මදක් සන්සුන් වනතුරු නිහඩව සිටීම උචිත බව වටහා ගත් කාලන් කුටියේ අනෙක් කවුලුව වෙත ඇවිද ගියා..

"ඔහු එතරම් පරිපූර්ණයිද පියානෙනි"

කාලන් අසන්නේ මදවේලාවකට අනතුරුව...

"මෙලොව එතරම් පරිපූර්ණ මිනිසෙකු සිටී නම් ඒ ඔහු විය යුතුමයි කාලන්...මගේ සොයුරා එතරම් පරිපූර්ණයි...ඔහුගේ ගතිගුණ වෙනත් කිසිවෙකුගෙන් බලාපොරොත්තු විය නොහැකි තරමින්..........ඔහු නැති අඩුව මා හට මේ වසර විසිගණන පුරාම මහත්සේ දැනුනා.....ඔහු සොහොයුරෙකු ලෙසට, රාජ කුමරෙකු ලෙසට ,රාජ්‍යයේ යුවරජු ලෙසට ,සැමියෙකු ලෙසට ,මිතුරෙකු ලෙසට ,පියෙකු ලෙසට ඒ සියලු වු වගකීම් එකදු අඩුවක් නොමැතිව ඉටුකල අයෙක්...මා හට හැකි වූවානම් කාලය නැවත හැරවීමට...ඔහුව නැතිවීමට ඉඩ තබන්නේ නැහැ මා..."

සූර්ය රාජ්‍යයේ රජු නැවතත් සංවේදීව මිමිනුවා..

"එදිනට පසු කුමක්ද සිදුවූයේ පියානෙනි"

ගැඹුරු සුසුමක් හෙලූ රජු නැවතත් ඒ ගැන සිහි කිරීම ඇරඹුවා

"එදින...අපට විසල් සටනක් කිරීමට සිදුවූවා කාලන්...අප අයියණ්ඩිගේ ගෙපැල වෙත එන විටත් අප...ප්‍ර..මා.දයි.."

අවසානයේ රජුගේ කටහඩ බිදී ගියා

"ඒ වන විට ඔවුන් ආර්ය අතින් මියගොස්...නමුදු ආර්ය හා උත්පලාහටද මිදී යාමට ඉඩ දී නැහැ....ඔවුන් දෙදෙනාත් ඒ අසලම මැරී වැටී සිටියා....."

"එවිට ඔවුන්ගේ දරුවා..ඔබ සිතන්නේ ඒ අසුර සෙන්පති බවද"

"එය කෙසේද සිතන්නේ කාලන්...එදින ගංදියේ සැඩපහර දරුණුයි..ඒ දරුවාත් සටන අතරතුරදී ගංදියට වැටුනු බව සාක්ෂි හමුවූවා.....කෙසේ වුවත් නුඹේ මුත්තනුවන්....ශිවුනාත්ගේ දරුවා හා නුඹේ අයියණ්ඩිවද රැගෙන ගංදියට පැන තිබුනේ ඔවුන්ව රැකගැනීමට...නමුත් ඔවුන් හට බේරීමක් තිබුනේ නැහැ කාලන්...ඒ වනවිටත් නුඹේ මුත්තනුවන් හට බොහෝ සෙයින් තුවාල වීයි තිබුනේ....ඔවුන් බේරීමට ඇති ඉඩකඩ අඩුයි කාලන්....."

°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]Место, где живут истории. Откройте их для себя