"මුග්ධයා...නුඹ සැබැවින්ම සෙබලෙක්මද?....අසිපත ඔසවාගන්නටවත් නොහැකි තෝ කෙසේද සෙබලෙක් වන්නේ..අධමයා..නුඹ ඔය කා දමන්නේ මගේ වටිනා කාලය"
හිමිදිරියේම සුපුරුදු අදෝනාව ඇසුනු දස්කාල් හෙමිහිට එතැන මගඇර ගියේ...සැමදා උදෑසනින්ම පුහුණු මණ්ඩපය දෙසින් ඇසෙන මෙවන් බැනවැදීම් ඔහුට අරුමයක් නොවූ නිසාවෙනි....
සෙබලුන් නිරීක්ෂණය උදෙසා භාතිය රජුන් පත්කර ඇත්තේ තම වැඩිමහල් පුතු කාලන්ව...ඉදින් සැමදා හිමිදිරියේම යුධ පිටිය දෙසින් ඇසෙන මෙවැනි බැන වැදීම් මාලිගයේ කිසිවෙකුට රහසක් නම් නොවූයේය.....අද ඔහු ඔය කෑගහන්නේ අලුතින් පත්කල සෙබලෙකුට....නිවසේ ඇති වූ ගින්නකින් තම මාපියන් මියගිය නිසා තම සොයුරන් රැකබලාගැනීමට පවුලේ බර කරටගත් තරුණයෙකු වූ ඔහුට සෙබලෙකු ලෙස සේවයට බැදීමට අමතරව වෙන කිසිම විකල්පයක් ඉතිරිව නොතිබුනි....
කුඩාම අතපසුවීම් වුව නොරුස්සන කාලන් හට මේ අහිංසක සෙබලා පෙන්වූ අඩු දක්ෂතාවයනම් කෙසේවත් ඉවසිය නොහැකි වුනේය...
කුමන දේකට වුව අසිපත ඉදිරියට ගන්නා කාලන් කෝපයෙන් තම අසිපත ඇද එසවූවේ සෙබලා වෙතට....මෙය දුටු දස්කාල් එකවරම දිවගොස් දෑතින් අසිපත් තලය අල්ලාගත්තේ ඔහුගේ දෑතින් රත්ලෙය වැගිරෙද්දීය....මේ අනපේක්ෂිත සිදුවීම දුටු ඒ සෙබලාගේ දෑස් විස්මයෙන් විසල් වෙද්දි වටෙහි රැස්ව සිටි කාලන් ඇතුලු ඔහුගේ පිරිස නම් සමච්චලයට සිනහ වුනා.....
"හහ්...සුනකයා නුඹ...ඒ ගමන කිම....මෙවර කල නීච ක්‍රියාව කුමක්ද"
වේදනාවෙන් වුව එය සගවාගත් දස්කාල් කතාකලා
"කුමරුනි..මේ ඔබගේ ආහාර ගැනීමේ වේලාවයි....එයට පෙර මළසිරුරක් දැකීම ඔබේ ආහාර රුචිය යටපත් කරාවි...එබැවින්....මොහුව අතැර දමන්න....බෝජන සූදානම්"
දස්කාල් යනු ප්‍රධාන අස්වපාලකයා වුවද...කාලන් සිදුකරන්නේ ඔහුට හැකි සියලු ලෙසට දස්කාල්ගෙන් සේවය ගැනීමයි...ඉදින් කුමරුගේ භෝජනය පිළිබද සියලු වගකීම් දස්කාල් මත පැවරී තිබුනි.....
කටකොනකට සිනහවක් නගාගත් කාලන් දස්කාල්ව බිමට ඇද දැමුවේ....අසතුටින් ඔහුදෙස බලමින්මය..
STAI LEGGENDO
°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]
Narrativa Storica"මේ එක් ශිෂ්‍යයෙකු තම ගුරුන්ට දෙන වදනයි_ එක් බාලසොයුරෙකු තම වැඩිමලා හට දෙන වදනයි__ මා ඔබ වෙනුවෙන් බලා සිටිනවා_ ඔබ කොහි සිටියත් ඔබ සොයා පැමිනෙනවා_ ඔබව සුරකිනවා_ ඔබ වෙනුවෙන්ම මියයනවා_"...
![°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]](https://img.wattpad.com/cover/281029235-64-k809157.jpg)