"ච..ක්‍රා"
සමුද්‍ර අසරණ දෙනෙතින් දස්කාල් දෙස බැලුවේය...
"සමුද්‍ර..කිමද මේ ම්ම්"
"මා නිසා නොවෙද..චක්‍රා...ඔහු..ඔහු"
සමුද්‍ර අසරණව පවසන විට අසල සිටි භාතිද ,දස්කාල්ද දෙදෙනාම විත් සමුද්‍රව තරයේ වැලදගත්හ....
"කවුරුන්ද කීවේ දැන්...එලෙසට ම්ම්.."
භාති සමුද්‍රගෙන් මෘදුව ඇසූ විට සමුද්‍ර භාතිගේ උරට හේත්තු වූවේය...
"නමුත්..භා..ති...මා"
"සමුද්‍රා...අසන්න...දන්නෙහිද...ඔබට සේම මා හටත් දැනෙනවා...මා එවේලෙහි පිටතට නොගියානම්....ඔබ අසල සිටියා නම්...මාද ඔහු සොයා පිටවුනානම්...ඔහු මෙලෙසින් නොසිටිනවා නොවෙද වග මා හට සෑම විටම වද දෙනවා සමුද්‍ර"
භාති පසුතැවිලි ස්වරයකින් පවසන විට සමුද්‍ර හිස හරවා ඔහු දෙස බැලුවේය..
"ඊට ඔබේ වරදක් නැහැ..භාති"
එයට භාතිය මද සිනහවක් පෑවේය....
"ඉදින් මා පැවසුවේ එය තමයි ඔබට...අසන්නකෝ...ඔබට පසුතැවිල්ලක් දැනිය හැකියි...එහි වරදක් නැහැ..කිමද ඔහු ඔබව බේරාගැනීමට ගොසින් තුවාල වූ හෙයින්...නමුත් සමුද්‍රා...ඔබ එහි නොගියානම්...ම්ම්...ඔහු හට මීට වඩා අනතුරක් වීමට ඉඩ තිබුනා නොවෙද....ඉදින් පසුතැවුල් වීමෙහි වරදක් නැහැ..නමුත් අර නිදාන සිටිනා නොසන්ඩාලයා අවදි වූ පසු මා හටනම් පවසන්නට එපා....බේරා දෙන ලෙසට"
භාතිගේ අවසන් වදනත් සමග මෙතෙක් වේලා ඔහුට තුරුල් ව හිදි සමුද්‍ර මුහුනත් ඇද කර ගනිමින් ඔහුගෙන් ඈත් වූවා....
"පුෆ්...මා නම් බිය වේවි..ඔය සූකරයට....ඔහු අවදි වුන දෙන්කො...මා බලාගන්නම් ඔහු ගැන...මගුල"
එයට දස්කාල් හා භාති දෙදෙනාම සිනහසුනි...
"අහ්..මේ සිටින්නේ අපගේ සමුද්‍රා"
ඉදින් සැබෑවටම භාති හට ඔවුන් දෙදෙනා කුමන තත්වයක සිටියද නැවත සුපුරුදු තත්වයට ගැනීමට මනා හැකියාවක් තිබිනි...ඔවුන් දෙදෙනාගේ ආත්මයම හදුනන භාති හට කිසිවක් සැගවීම සමුද්‍ර හා දස්කාල් හට කිසිදා හැකි නොවුනි...සමුද්‍ර, භාති කොතෙකුත් නම් රණ්ඩු සරුවල් මත පැටලුනිද ඒවා හුදෙක් ආදරණීයම රණ්ඩු වූවේය...
YOU ARE READING
°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]
Historical Fiction"මේ එක් ශිෂ්යයෙකු තම ගුරුන්ට දෙන වදනයි_ එක් බාලසොයුරෙකු තම වැඩිමලා හට දෙන වදනයි__ මා ඔබ වෙනුවෙන් බලා සිටිනවා_ ඔබ කොහි සිටියත් ඔබ සොයා පැමිනෙනවා_ ඔබව සුරකිනවා_ ඔබ වෙනුවෙන්ම මියයනවා_"...