°__80°__

602 121 46
                                    


''එහි කවුරුන්ද සිටින්නේ''

පෙරදී ශියා පිටතට පැමිණි කුටිය දෙසටම නෙත් යොමාන සිටි දෙව්දාර් ඒ ලෙසින් විමසන කල සියල්ලන් විස්මයෙන් ඔහු දෙසට බැලුම් හෙලූහ..

නමුදු ශියාගෙන් පිළිතුරක් වෙනුවට විසල් වූ දෑස් වලින් බැල්මක් පමණක් ලැබුනු කල කෝප ගත් දෙව්දාර් ඈ දෙසට සිය සුපුරුදු රවුද්‍ර බැල්ම ප්‍රතම වතාවට යොමු කලේ අහිංසක ඈ බියවී දස්කාල් පසුපසට යන විටය..

"පවුරූ..කිමද මේ ම්ම්..බලනු ඈත් බිය වූවා..එහි කිසිවෙක් නොවේනෙ පවුරූ..කිමද මේ කලබල වීලා''

දස්කාල් එසේ අසනා විට එකී බැල්මේ එකදු වෙනසක් නොකරම ඔහු දෙසටද යොමු කල දෙව්දාර් හේතුවෙන් දස්කාල්ගේ සිතද මදක් තිගැස්සී ගියේය..

"නුඹ මුවවසාගනු කාල...මා නුඹෙන් නොවේ ඇසූයේ..ශියා කරුණාකර පවසනු එහි කවුරුන්ද සිටියේ ආ..''

දෙව්දාර් කෝපයෙන් අසනා කල සමුද්‍රද යමක් කීමට තැනූවද එකෙනෙහිම දෙව්දාර් ඔහු පසට හැරී ඔහු වෙත සිය හස්තය දිගු කලේ කෝපයෙනි..

''නුඹද පසෙකට වී සිටිනු සමුද්‍ර..ශියා මා ඇසුවේ මොවුන්ගෙන් නොවේ නුඹෙන්''

දෙව්දාර්ගේ කෝපය ඉහවහා ගිය තැන ශියා බියෙන් කිසිවෙක් නොමැති බව සන් කලාය..නමුදු එයින් දෙව්දාර්ගේ සන්දේහය නිම වූයේ නැති..

''මා වරක් ඇසුවා ශියා..එහි දැන් මේ මොහිතේ සිටින්නේ හෝ සිටියේ කවුරුන්ද..''

නොකඩවා කිසිවෙක් නැතැයි කියන හස්ත සංඥාව පමණක් ශියාගෙන් ලැබෙන කල මෙවර අසා පමණක් නොනැවතුනු දෙව්දාර් ඒ වූ කුටිය දෙසට පා තබන කල එක්වරම නිවසේ ප්‍රධාන ද්වාරයෙන් භාති මතුවූයේය..

"දෙව්දාර් කුමක්ද සිදුවූයේ"

භාතිගේ හඩින් කම්පනයට පත් දෙව්දාර් ඔහුගේ හිසේ සිට පාදාන්තයටම බැල්මක් යොමු කරමින් නැවතත් එකී කුටිය දෙසට බැල්මක් යොමු කර කෝපයෙන් භාති දෙසට පා තැබූවද ශක්තිමත් හස්තයක් ඔහුව නැවැතුවේය..

''කාල අතහරිනු''

හැරී බැලීමකින් තොරවම ඒ කවුරුන්දැයි හදුනාගත් දෙව්දාර් තවමත් නොසන්සිදි කෝපයෙන් පවසනා කල දස්කාල්ද කෝපයෙන් කෑගැසුවේ දෙව්දාර්ගේ පපු මධ්‍යට පහරක්ද ගසමිනි

°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]Where stories live. Discover now