ඇහි පියක් ගසන එක් අසුරු සැනෙකින් සියල්ල උඩු යටිකුරු වූ මොහොතක මෙතෙක් කල් පහත් අශ්ව පල්ලෙකුට වැසී සිටි රණශූර මකර සෙන්පතිගේ සැබෑ මුව සැමට විදහා දැක්වුනි....නමුදු නැත...දස්කාල්ගේ මුව ගැවසී ගත් රෙදි කඩ ඉවත් වූ සැනෙකින්ම අසුර සෙන්පතිගේ චක්‍රය භාතිගේ මුව වැසි රෙදි කඩ කපා දැමීමට ගියද ඊට ප්‍රතම ඉස්සර වූ භාති තම දෑතෙහි තිබූ චක්‍රය මගින් අසුර සෙන්පතිගේ චක්‍රයේ මග හරස් කලේ එය භාතිගේ චක්‍රයේහි වැදී හඩ නංවමින් නැවතත් අසුරගේ දෑත වෙතටම හැරී යන විටය....
"පිටවන්න"
තමාගේ මෙන් නොව භාතිගේ මුව මෙතෙක් කිසිවෙක් නොදුටු බැව් ඒ ක්ෂණයෙහි වටහා ගත් දස්කාල් භාති හට එතැනින් පිටවෙන බව පැවසුවත් භාති එකදු පියවරක් නොතැබුවෙන් දස්කාල් මහ හඩින් ගිගුරුවේය..
"පිටවෙනු!!"
තමාට අමතරව සිටිනා අනෙක් ද්විත්ව චක්‍ර ශිල්පියාගේ අනන්‍යතාව දැන ගැනුමේ අවස්තාව මකර සෙන්පති නිසා තමාගෙන් ගිලිහී යන බව දැනුනු අසුර සෙන්පති සිය සෙබලුන් හට භාති අල්වා ගන්නා ලෙසට අණ කරන විට...අසු මතින් බැසි දස්කාල් කාලනේත්‍රය අමෝරා භාතිගේ ඉදිරියෙන් හරස් කරනා කල සමුද්‍ර හා දෙව්දාර්ද භාති හට පලා යාමට අවස්තාව සලසා දෙමින් අවි අමෝරා ගෙන අසුර සේනා හරස් කලෙන් භාති හට පැන යාමට අවස්තාව සැලසිනි...
දස්කාල් දෙස වරක් හැරී බැලූ භාතිය සිය අසු වේගයෙන් සංග්‍රාමයෙන් එපිටට පදවන කල අර්ධයක් ලෙහී ගොස් තිබූ රෙදිකඩ අතරින් භාතිගේ මුව යන්තමින් පෙනෙනා කල එය දුටු දෙව්දාර්ගේ දෑස් සිහින් වී ගියේ ඔහුගේ හද සන්සල කරනා යමක් ඒ තුලින් දුටු නිසාවෙනි...
දස්කාල් ඇතුලු පිරිස නිසාවෙන් පැන යාමට කාලය ලැබුනු භාති පවනට බදු වේගයෙන් අසු මෙහෙයවන කල චන්ද්‍රහාස නගරයට රැස්ව සිටි ජනයා විස්මයෙන් ඔහු දෙස නෙත් යොමා සිටියා මෙන්ම මේ වන විටත් මකර සෙන්පතිගේ සැබෑ මුව දැක තිබූ ජනයා විස්මයෙන් මොර දෙන හඩ ඔහුගේ දෙසවනට ඇසී ගියේ වසර ගනනක සැලසුම එක් ක්ෂණයකින් සුන් වී යාමේ කෝපයෙන් ඔහු සිය අසුගේ තෝන් ලනුව තදින් මිරිකා ගන්නා විටය...
ВЫ ЧИТАЕТЕ
°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]
Исторические романы"මේ එක් ශිෂ්‍යයෙකු තම ගුරුන්ට දෙන වදනයි_ එක් බාලසොයුරෙකු තම වැඩිමලා හට දෙන වදනයි__ මා ඔබ වෙනුවෙන් බලා සිටිනවා_ ඔබ කොහි සිටියත් ඔබ සොයා පැමිනෙනවා_ ඔබව සුරකිනවා_ ඔබ වෙනුවෙන්ම මියයනවා_"...
![°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]](https://img.wattpad.com/cover/281029235-64-k809157.jpg)