"තෘතී...ඔබ ආහාර ගත්තද ...නොවේනෙ?"
දස්කාල් අසනා විට ඈ..ඇගේ සුන්දර සිනහවෙන්ම හිස දෙපසට වැනුවාය...
"අහ්...එසේනම්...මෙන්න...කෝ කෝ...යමු...ඔබ කුසගින්නේ"
දස්කාල් ඇයවද ඇදගෙන ගෙතුලට යනවිට...අනෙක් අයද ඔවුන් පිටුපස ගෙතුලට පැමිනියහ....
ඈ මෙන්ම ගෙපැලත් කුඩා වුව බොහෝ අලංකාර වූවාය..තැනින් තැන නූල් පොටින් වියා තිබූ සැරසිලි මගින්....ඈ..නිදහස් වේලාවේදී එවැනි දෑ කරමින් කාලය ගෙවාගන්නා බව දෙව්දාර් අනුමාන කලේය...
ශියා සමග භාති හා දස්කාල් ඇතුලට ගියේ...කුටියේ එදෙස සමුද්රව හා දෙව්දාර්ව තනි කරමින්....
සමුද්ර එතැන තිබූ දිගු අසුනකින් හිදගන්නා විට දෙව්දාර්ද ඔහුට එහා පසින් හිදගත්තේය...අවට කිසිවෙකු නැති බව තහවුරු කරගත් දෙව්දාර්...ආසනයේ සමුද්ර සිටි දෙසට ඇදුනු අතර...ඇගිල්ලකින් සමුද්රගේ ඉණට ඇන්නේ කල්පනාවක සිටි සමුද්ර ගැස්සී යන විටය...
"ඕයි...සූකරයෝ...මා බිය වූවා...මොන මගුලක්ද සිදු කරන්නේ"
එයට දෙව්දාර් සමච්චලයෙන් සිනහසුනේය...
"පුෆ්...අසාතිබුනේ නම් මහලොකු සූර්ය සෙන්පති බිය යන්න හදුනන්නැතැයි කියා....එක අතකට ඉතිං...මෙහි පැමිනියාට පසුවනෙ....මැඩියන්ටත් බිය වගත් දැනගත්තේ..එයත් සමග මෙය කුමක්ද නෙහ්"
"කටවහපන් දෙව්දාර්...තමුසෙ නැවත ඔය මැඩියන් ගැන කියෙව්වොත් ගෙනැවිත් දානවා ඔය මුඛයට මැඩියෙකු"
"හහ්...ගෙනැවිත් දමන්නටත් මැඩියෙකු අසලට යායුතුයි නොවැ...උන් ගාවට ගිය සැනින් කෑගසන අයුරු මැවී පේනවා සයුරූ..."
"බම්බුව...ඔය මගුල් මැඩියො"
කෝපයෙන් කෑගැසූ සමුද්ර දෙව්දාර්ව ඒ ආසනය මතම පෙරලා ගත් අතර දෙව්දාර්ගේ සිරුර දෙපසට පාද දමාගත් සමුද්ර දෙව්දාර්ගේ ගෙල තද කරන්නට විය...
"මෙහ්..සයුරූ...අර උපදෙස් ලබාදෙන්නම් කීවේ....ඔබට අත්දැකීම් ඇති හැඩයි නෙහ්...කවුරුන්ගෙන්ද ම්ම්"
සමුද්ර තම ගෙල තදකරනා බවත් අමතක කරමින් දෙව්දාර් තව තවත් ඔහුව කෝපගැන්වූ අතර...දෙදෙනාම තිගැස්සී ගියේ...පිටුපසින් පැමිනි කටහඩින්...
![](https://img.wattpad.com/cover/281029235-288-k809157.jpg)
YOU ARE READING
°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]
Historical Fiction"මේ එක් ශිෂ්යයෙකු තම ගුරුන්ට දෙන වදනයි_ එක් බාලසොයුරෙකු තම වැඩිමලා හට දෙන වදනයි__ මා ඔබ වෙනුවෙන් බලා සිටිනවා_ ඔබ කොහි සිටියත් ඔබ සොයා පැමිනෙනවා_ ඔබව සුරකිනවා_ ඔබ වෙනුවෙන්ම මියයනවා_"...