"පවුරු....පවුරූ...පවුරූඌඌ...පවුරුවෝඕඕඕඕ"
ඉදින් මේ දස්කාල් බෙරිහන් දෙන්නේ දෙව්දාර්ගේ වස්ත්‍රයේ කොනකින් අදිමින් ය...කෙසේ වෙතත් මොන තරම් කෑගැසීමකට වුව දෙව්දාර්ගෙන් නම් ඊට ප්‍රතිචාරයක් නොලැබුනි....
මුලදී ඉතා හෙමිහිට ඇරඹූ දස්කාල්ගේ ආමන්ත්‍රණය අවසන වන විට මහා ශබ්දයෙන් නික්මුනේ...පසෙක පඩියක හිද චක්‍ර කිහිපයක් මුවහත් කරමින් සිටි භාතිගේ දෑතත් එහි දාරයකට කැපී යද්දීය..
"ආහ්.."
භාතිගේ වේදනාත්මක කෙදිරිය ඇසුනු දස්කාල් කලබලයෙන් ඔහු වෙතට දිව යද්දී...ලැබුනු අවස්තාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන සිය නොසන්ඩාලයාව ඇවිස්සීමට සිතූ භාති පෙනෙන නොපෙනෙන ලෙසට තිබූ අතිශය කුඩා තුවාලය මිරිකා හරිමින් රුධිර බිදු කිහිපයක් පිටතට ගත්තේ...වැඩි වැඩියෙන් රුධිරය නොඑනා තුවාලය හට සාප කරමින් ය...
"භාතී..කුමක්ද වූයේ..ආ...."
භාති අසලට ආ දස්කාල් ඔහු පසෙකින් හිද භාතිගේ දෑත ගනිමින් ඒ වූ කුඩා තුවාලය පරික්ෂා කරන්නට වූයේ...දෙව්දාර්ගේ ඊර්ශියා සහගත සිත තව තවත් ඊර්ශියාවෙන් පුරවමින් ය...
ඉදින් මෙවැනි ස්වර්ණමය අවස්තාවක් එසේ ලෙහෙසියෙන් මගහැරිය හැකිද...නොහැකියිනෙ...එසේ සිතූ භාති...දස්කාල්ව සිය උකුල මතට ගත්තේ....දෙව්දාර්ගේ දෑස් සිහින්ව යන විටය...
දස්කාල් හට නම් එහි කිසිදු ගානක් නොවුනි...මේ වසර කිහිපය මුලුල්ලේම සමුද්‍රව අවුස්සාලමින් භාතිගේ ඇකයට පැනි අවස්තා එමටය..ඔහු දෙව්දාර් දෙස නොබලමින් භාතිගේ දෑත දෙසට සිය පූර්ණ අවදානය යොමු කලේ..භාති සිත ඇතුලෙන් සිය මිත්‍රයා දෙව්දාර් හට සිනහ නගන විටය....
කෙසේ වුවත් දෙව්දාර්ව අවුස්සාලීමේ උපක්‍රමය භාතිගෙන් ගිලිහී ගියේ දස්කාල් පසුව කී දෑ නිසාය....
"ඔහ්...බලන්න භාති මෙය කෙතරම් විසාල ලෙස තුවාල වීද....රුධිරය වෑස්සෙන අයුරු...මෙසේ රුධිරය පිටවූවොත් නම් ඔබ මියයාවි...ප්‍රවේසමෙන් කටයුතු කරන්නකෝ අප්පා....ඔබට කුමක් හෝ සිදු වූවොත් මා හට කුමක් වේවිද හුම්...."
ESTÁS LEYENDO
°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]
Ficción histórica"මේ එක් ශිෂ්යයෙකු තම ගුරුන්ට දෙන වදනයි_ එක් බාලසොයුරෙකු තම වැඩිමලා හට දෙන වදනයි__ මා ඔබ වෙනුවෙන් බලා සිටිනවා_ ඔබ කොහි සිටියත් ඔබ සොයා පැමිනෙනවා_ ඔබව සුරකිනවා_ ඔබ වෙනුවෙන්ම මියයනවා_"...