ප්‍රපාතය මුදුනේ සිට දස්කාල් හිස් හැගීමෙන් ප්‍රදේශය සිසාරා බැල්මක් හෙලුවේය...
නලලතෙහි වූ තුවාලයෙන් වෑහෙන රුදිරය සෙමෙන් රූරා විත් ඇහිපිල්ලම් මතින් පෙරී දෑස් ආක්‍රමණය කිරීම හේතුවෙන් දස්කාල් හට පෙනෙන දර්ශනය නොපැහැදිලි එකක් විය...
ඒ උවත් එකින් එක මැරී වැටෙන අසුර සෙබලුන් මෙන්ම චන්ද්‍ර සූර්‍ය සෙබලුන්ද දස්කාල්ගේ හෘදය වේදනාවට පත් කර තිබුනි..
ඔහු රාජ්‍යත්වය පිලිකුල් කලේය..එකදු වැදගැම්මකට නොමැති රාජ්‍යත්වයක් උදෙසා මෙතැරම් මිනිස් සංහාරයක්?..
පාලකයන් මෙලෙසින් හැසිරෙන්නේ මන්දැයි රාජ්‍යත්වය දරාන සිටියද දස්කාල්ගේ සිතට ප්‍රශ්නාර්තයක් විය..
සූර්‍ය චන්ද්‍ර සෙබලුන් පමණක් නොව අසුර සෙබලුන්ගේ පවා ජීවිත එකින් එක නැසී යන ආකාරය දකින දස්කාල් හට ඈතින් සටන් කරනා පෙනෙන මුව නොපෙනුනත් කුඩා කල තම මිත්‍රයා කාලිගේ කම්මුල මතට තදින් පහරක් එල්ල කිරීමට අවශ්‍ය විය...
අතුල් පහරකින් ඔහුගේ අන්ධ නොවූවත් අන්ධ දෑස් විවෘත කිරීමට දස්කාල් හට අවැසි වූවේය...
මෙසේ හැසිරෙන්නේ කිමදැයි කියා ඔහුගෙන් විමසන්නට අවැසි විය..
හේතුවක් නොදන්නා නමුදු ඔහුට අවශ්‍ය තමාව නම්..මේ සංග්‍රාමය විය යුතුව තිබුනේ තමාත් ඔහුත් අතර මිස අනෙකුන් අතර නොවිය යුතුව තිබුනි...
"චන්දෲ......ඔහුගේ එකායන ඉලක්කය නුඹ..."
දස්කාල්ගේ මනසේ දෙව්දාර්ගේ වදන් ඇදී මැකී ගියේය...
පෙරදින රාත්‍රියේ දෙව්දාර්ගේ තුරුලේ සිටි දස්කාල් හට ඔහු සිටින්නේ කල්පනාවක ගිලී යන්න වග පැවසීමට තම කේෂයන් මත දුවන නොනවත්වා වුවත් කඩින් කඩ රිද්මය වෙනස් වන දෙව්දාර්ගේ අතැගිලි පහස ප්‍රමාණවත් විය...
"කාල්"
"ම්ම්"
"ඔහුට අවශ්‍ය ඔබයි කාල..ඔහුගේ ඒකායන අභිප්‍රාය ඔබයි..."
"ඔබ පවසන්නේ කාලි මා හට?"
"හ්ම්...අප සිතනවා...ඔහුට ඔහුගේ දෙමාපියන්ගේ පලිය ගැනීමට අවශ්‍ය ඇති...නමුදු චන්දෲ...ඔහුට සෑම විටම ඔබව අවශ්‍ය වූවා....කාලි සිටිනුයේ උන්මත්තකයෙකු ලෙසින් අධික කෝපයෙන්...ප්‍රවේශමෙන් චන්දෲ..දැන් ඔහු අප හදුනන කාලි නොවෙයි"
ВЫ ЧИТАЕТЕ
°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]
Исторические романы"මේ එක් ශිෂ්‍යයෙකු තම ගුරුන්ට දෙන වදනයි_ එක් බාලසොයුරෙකු තම වැඩිමලා හට දෙන වදනයි__ මා ඔබ වෙනුවෙන් බලා සිටිනවා_ ඔබ කොහි සිටියත් ඔබ සොයා පැමිනෙනවා_ ඔබව සුරකිනවා_ ඔබ වෙනුවෙන්ම මියයනවා_"...
![°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]](https://img.wattpad.com/cover/281029235-64-k809157.jpg)