"දෙවියනේ...එතරම් කඩවසම් බවක්....ආරන්චියෙ හැටියට එතුමා වෙස්වලාන හිද ඇත්තේ....අහෝ!! අපට නොවේනේ වාසනාව...
සෙන්පති දෙව්දාර් මොහොතකට හෝ දැක ගැනුමට..."
"ආරන්චිද!! සෙන්පතින් දෙදෙනා එක්ව ගමනේදී දිස්වූ ඒ තේජස"
"...දෙව්දාර් සෙනවිගෙ කඩවසම් භාවය..සැබැවින්ම ඔහු නම් දෙවියන්ගේම නිමැවුමක්!!"
අවන්හලෙන් පා එලියට තැබු මොහොතෙහිම සතර දෙසින්ම කන වැකුනේ දෙව්දාර්හට කරනා වර්ණනාය...කෙසේවුවත් සමුද්‍ර නම් බුම්මාන සිටියේ වෙනදාට ඉදිරියෙන්ම සිටිනා සූර්ය සෙන්පතිගේ කඩවසම් භාවය පිලිබද වර්ණනා අද මේ සූකරයාගේ වර්ණනා අතර සැගව ගොස් ඇති නිසා....
අතරින් පතර සූර්‍ය සෙන්පතිගේ වර්ණානාද කන වැකුනිද සමුද්‍ර නම් එයින් සෑහීමකට පත් නොවූ සෙයකි...
ඔහු මේ වර්ණානා තාම හට නොව තම පාදය ට කරනවා යැයි කියා සිතානද කොහේ ඒ කිසිවක් ගනනකට නොගෙන සුපුරුදු ආඩම්භර ගමනින් ඇවිද යන දෙව්දාර් දෙස බැලුවේය...
"හුහ්...කොහෙ තිබෙන කඩවසම් බවක්ද?....එවිට සෑබෑවටම මට මොහුගේ මේ මගුලෙ කඩවසම් බව මගහැරීද?....ම්හු..හොදින් බලමු.....චහ්..තෝ උමතුවෙන් සමුද්‍රා...සූකර දෑස්,සූකර නාසය,සූකර මුව,සූකර ශරීරය...හුහ්...මේ සූකරයාගේ කොහෙ කඩවසම් බවක්ද......."
මේ වර්ණනා නිසා සමුද්‍ර දැන් ඇවිලෙන වග දන්නා අන් තිදෙනා දෙතොල් සපාගෙන ඉදිරියෙන් ගමන් කරද්දී...සමුද්‍ර නම් තවමත් දෙව්දාර්ගේ සිරුර දෙස බලමින් කල්පනා කරන වනමය...
"පුහ්....මගුලෙ කඩවසම් බව....සිටින්න සිටින්න....මුගේ ඔය වස්ත්‍රයෙන් වසා ඇති තැන් පිලිබදවද දන්නෑ වර්ණනාව....ම්ම්....ඉණ සලුව ලෙහා දමනවාද?...නොමැතිද?....සැබෑවටම ලෙහනවාද?...නොමැතිද?.
ඉදින් සමුද්‍ර දෙලොවක් අතරය...
හිසත් කසමින් ඇවිදයන අතරම කල්පනා කල සමුද්‍ර අවසන අදහස අත්හැර දැමුවේය..."චහ්...අවශ්‍ය නැහ්...මා දන්නවනෙ මා තමයි කඩවසම්ම....හුහ්...මූ නොවෙයි....මුගෙ ඉණ සලුව ලෙහීමට ගොසින් අර චක්‍රාගෙන් පහර කෑමට සිදුවේවි....අනික ඉතිම්...මේ සූකරගේ ඉණ සලුව ලෙහීමට යාම සූර්‍ය සෙන්පති ලෙසට කොතරම් නින්දාවක්ද?...
STAI LEGGENDO
°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]
Narrativa Storica"මේ එක් ශිෂ්යයෙකු තම ගුරුන්ට දෙන වදනයි_ එක් බාලසොයුරෙකු තම වැඩිමලා හට දෙන වදනයි__ මා ඔබ වෙනුවෙන් බලා සිටිනවා_ ඔබ කොහි සිටියත් ඔබ සොයා පැමිනෙනවා_ ඔබව සුරකිනවා_ ඔබ වෙනුවෙන්ම මියයනවා_"...