සමුද්ර සිය විසල් කුටියෙහි කෙලවරකට වී ඈතින් පෙනෙනා යුධාංනය දෙස කවුලුවෙන් බලා සිටියේය....ඔහු දෙමසකට පෙර මෙහිම ගතවූ දිනක් සමච්චල් සිනහවක්ද සමගින් සිහියට නගා ගත්තේය..
"හේයි...මුග්ධ සයුර මේ ද්වාරය විවර කරනවා"
සමුද්රගේ නිල කුටිය වෙත පැමිනි දෙව්දාර් අසල කිසිවෙකු නොමැති බැව් තහවුරු කරගෙන කුටියේ ද්වාරය වෙත මහ හඩින් තට්ටු කලද...සමුද්ර ඇතුලට වී ආසනයෙන් හිදගෙන දැව මේසය මතට සිය පාද ගනිමින්..දෑස් පියාන දෙව්දාර්ගේ කෝපය රසවින්දේය...
"ඕයි...බම්බුව....මේ ද්වාරය විවරකරපන් මුග්ධයෝ...තෝ නම් මහා අමනයෙක් සයුරූ....උබ ඇතුලත සිටින වග මා දැනුවත්....ඇරපන් මේ මගුල"
දෙව්දාර් කොතෙකුත් කෑගැසුවද සමුද්ර නම් නොවෙයි ද්වාරය විවර කෙරුවේ...
අවසන තව තවත් කෝපගත් දෙව්දාර් මහ හඩින් ද්වාරයට පා පහරක් ගසා නැවත හැරුනේය...
"මගුල...වෙනදාක නම් ඔය උලව් ද්වාරය කඩා දමනවා....අද මාහට වැදගත් කාර්යක් තිබෙන නිසා පිටවයන්නේ..තෝ ප්රවේසමෙන් හිදින් සයුරු"
දෙව්දාර් පිටවයන බව ඇසුනු සමුද්ර අපහ්සුවෙන් සිනහා සිරකර ගනිමින් ද්වාරය දෙසට දිව ගිය අතර...හෙමිහිට එය විවර කර පිටතට පෙනෙන සේ ඇගමැලි කැඩුවේය.....
සමුද්ර මහ හඩින් පිටකල ඈනුමක් හේතුවෙන් දෙව්දාර් රවා බලමින්ම ඔහු වෙත හැරුනි....
"අහ්....සූකරයා..තෝ කොහි යන ගමන්ද?"
දෙව්දාර්ව මේ මොහොතේ දුටුවා සේ හැගවූ සමුද්ර දෑත් පපු මතට බැදගනිමින් උලුවස්ස වෙත හේත්තු වුනි....
"අමනයා තෝ කොහිද සිටියේ"
දෙව්දාර්ද සිය රවුද්ර බැල්ම මදකුදු අවම නොකරමින් පිටත සිටිමින්ම විමසුවේ...මොහු තමා ද්වාරයට ගසන විටත් ඇතුලත සිටි බව මනාව දන්නා හෙයින්...
"වැසිකිළියට ගියා..."
සමුද්ර උලුවස්සට හේත්තු වීගෙනම අවිහින්සක ලෙසින් පැවසූ අතර....ඔහුට රවා බැලූ දෙව්දාර් සමුද්රවද ඇතුලට තල්ලු කරමින් පැමිණියේය...

YOU ARE READING
°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]
Historical Fiction"මේ එක් ශිෂ්යයෙකු තම ගුරුන්ට දෙන වදනයි_ එක් බාලසොයුරෙකු තම වැඩිමලා හට දෙන වදනයි__ මා ඔබ වෙනුවෙන් බලා සිටිනවා_ ඔබ කොහි සිටියත් ඔබ සොයා පැමිනෙනවා_ ඔබව සුරකිනවා_ ඔබ වෙනුවෙන්ම මියයනවා_"...