වෙහෙසකර දිනයක් අවසානයේ සයනය මත වැතිර සිටි දෙව්දාර්ගේ හස්තය මත හිස තබාන සිටි දස්කාල් දෙව්දාර්ගේ වස්ත්‍රයේ කොනක් සිය දෑතින් අඹරවමින් කල්පනාවක ගිලී සිටියේ දෙව්දාර් සෙමින් දස්කාල්ගේ හිස පිරිමදිනා කල්හිය..
" ධාර්.."
"ම්ම්"
"ඔබ සිතනවද ඒ ඔහු කියා''
දෙව්දාර් හිස මදක් ඇලකර දස්කාල් දෙස බලනා විටත් ඔහුගේ පූර්ණ අවධානය ඔහු වෙත යොමි වී තිබුනි..
"කවුරුන්ද කාල්"
"කාලි...ඔහු..ඔහු"
දෙව්දාර් මතින් සිහින් වූත් වේදනාත්මක වූත් මන්දස්මිතයක් නැගුනි..
"ඔබට ඔහුව මතකයට නැගුනිද..?"
"හ්ම්..කාලන්ගේ වදන් වලින් අනතරුව ,මගේ පරිවාරය පිලිබද සත්‍ය දැන ගැනුමෙන් අනතුරුව මෙතෙක් කලක් ඔබලා පමණක් සිටි මතකයට ඔහුත් මදින් මද පැමිණියා..''
"ඉදින් ඔබට මොනවාද මතකයට නැගුනේ"
"මා හට මතකයි......
දස්කාල් මොහොතක් දෑස් පියාන සිතින් එකලට ගමන් කලේය..
මෙතෙක් කාලයක් සෑම රැයකම පාහේ සිහිනයෙන් පෙනුනු සිහිනය වෙත ඔහු ලගා වූයේය..
කුඩා දස්කාල් සිනහසෙමින් කුඩා දෙව්දාර් පසුපස හඹා යමින් සිටියහ..
"ධාර්..නවතින්න...නවතින්නකො ධාරූ...මගේ තුරු ඵල ඕවා මා හටයි අයිති..නවතින්නකො ධාරූ...ඔහ් ඔය නුඹ ඇදවැටී තුවාල වේවි ධාරූ..හෙමින්...හෙමින්..."
කුඩා දස්කාල්ගෙන් උදුරාගන්නා ලද තමාටත් අදිකයෙන් විසල් තුරු පල බහාලුමද රැගෙන බොහොම අපහසුවෙන් උවත් වේගයෙන් දිවයන කුඩා දෙව්දාර් පසුපස දස්කාල් දිවගියේ තුරු පල නැවත ලගා ගැනීමටත් අධිකයෙන් කුඩා දෙව්දාර් ඇද වැටේවි යැයි බියෙනි..
"නොහැතියි..නොහැතියි...ඒවා දැන් මදෙයි ..ඔබත දිය නොහැතියි කාල්..ඔබ මදේ..ඔබේ තුරු පලත් මදේ''
තවම හරි හැටි වචන උච්චාරණය නොකරනා සතරවන වියෙහි පසු වූ දෙව්දාර් දෙස බලා සිනහසුනු දස්කාල් එක්වරම පිටුපස බැලුවේය..
YOU ARE READING
°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]
Historical Fiction"මේ එක් ශිෂ්යයෙකු තම ගුරුන්ට දෙන වදනයි_ එක් බාලසොයුරෙකු තම වැඩිමලා හට දෙන වදනයි__ මා ඔබ වෙනුවෙන් බලා සිටිනවා_ ඔබ කොහි සිටියත් ඔබ සොයා පැමිනෙනවා_ ඔබව සුරකිනවා_ ඔබ වෙනුවෙන්ම මියයනවා_"...