දෙව්දාර් මෙවැන්නක් සත්තකින්ම බලාපොරොත්තු වූයේ නැති
භාතිගේ වෙනස්වීම ප්‍රතමයෙන් නිරීක්ෂණය කල තැනැත්තා ඔහු වුව
දෙව්දාර් කිසිලෙසකින් මෙවැන්නක් අපේක්ෂා කලේ නැත...
භාති හට අසුර සමග කුමන හෝ යමක් ඇති වග දෙව්දාර් සිතා සිටියා වුව අසුර යනු තමාගේ භාතිම වග හේ කිසිදු මොහොතක සිතුවේ නැත..
හේ සෑම මොහොතකම භාතිව විශ්වාස කලේය..භාති යමක් සිදු කරනවා නම් එය සිදු කරනුයේ හොදින් ම සිතා බලා වග යන්න දෙව්දාර් දැන සිටියේය..ඉදින් අසුර සමග පවත්නා සම්බන්ධය කුමක් වුව ඔහු තමන්ගේ ආදරණීයයන් රිදවන්නෙක් නොවන වග දෙව්දාර් දැන සිටියේය...
දෙදෙනාම ද්විත්ව චක්‍ර ශිල්පීන් වීම ඇතුලු භාතිගේ හා අසුර සෙන්පතිගේ සමාන කම් රාශියක් පැවතියද එකදු මොහොතක ඔහුව සන්දේහයට ලක් කොට භාති තමා කෙරේ තබාන ඇති විශ්වාසය කඩ කිරීමට දෙව්දාර් කිසිදු මොහොතක සිතුවේ නැත...
නමුදු මේ මොහොතේ මෙහි සිටින්නේ අසුර සෙන්පති මිස තමාගේ අයියණ්ඩි නොවන වග විශ්වාස කිරීමට දෙව්දාර් හට තරයේ ඇවැසි විය..
තමා හොදින් දන්නා භාති යනු තමාගේ ජීවිතය කැප කර වුව තමාවත්,කාල වත්,සමුද්‍රවත් ,ශියා වත් රැක්ගන්නා දෙව්දාර් තම ජීවිතය තුල දැකියා වූ තමා ඇතුලු පිරිසට වඩාත්ම ආලය කල තැනැත්තා විය..ඔහුගේ ජීවිතය පිලිබදවවත් නොතකා දෙව්දාර් වත් සමුද්‍රවත් චක්රාවත් සිය නැගනියත් රැකගැනීමට මහත් පරිශ්රම දැරූ එකම මිනිසාය...
නමුදු මේ මොහොතේ තමා ඉදිරියේ සිටින එකී භාතිම මීට හෝරා කිහිපයකට පෙර තමා හටත් ,ඔහුගේ චක්රා හටත් සමුද්‍ර හටත් විරුද්දව අසිපත ඔසවා තිබුනි...සිය ප්‍රාණ සම මිත්‍රයා ඝාතනය කිරීම උදෙසා සිය චක්‍රයක් ඔහු වෙත එවාන තිබුනි..
එකී චක්‍රයෙන් ඔහුව බේරාගැනීමට ඉදිරියට පැමිනි ඔහුගේම නැගනියගේ සිරුර හරහා ඔහු විසින්ම යැවූ චක්‍රය ගොස් තිබුනි..
තමා භාති පිලිබදව සෑම දෑ දැන සිටියා යැයි සිතූවද තමා ඔහු පිලිබද අංශු මාත්‍රයක දෙයක් දැන සිටියේ නැතිදැයි දිවියේ ප්‍රතම වරට දෙව්දාර් හට පමණක් නොව සමුද්‍ර හට ද සිතුනි...
VOCÊ ESTÁ LENDO
°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]
Ficção Histórica"මේ එක් ශිෂ්‍යයෙකු තම ගුරුන්ට දෙන වදනයි_ එක් බාලසොයුරෙකු තම වැඩිමලා හට දෙන වදනයි__ මා ඔබ වෙනුවෙන් බලා සිටිනවා_ ඔබ කොහි සිටියත් ඔබ සොයා පැමිනෙනවා_ ඔබව සුරකිනවා_ ඔබ වෙනුවෙන්ම මියයනවා_"...
![°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]](https://img.wattpad.com/cover/281029235-64-k809157.jpg)