දස්කාල් ගොලුව ගොසින් සිටියේය..
චන්ද්ර සෙන්පති මෙතරම් ලාමකද? නැත ඔහුව ඒ තත්වයට ඇද දමා තිබුනි..ඉපදීමෙන් වසර සතරක් පමණක් තිබි අසීමිත සතුට ඊට පසුව එලෙබි එකම දිනයකවත් නොතිබි කල සවිශක්තියෙන් කොතරම් ඉදිරියෙන් සිටියද හැගීම් අතින් ගත් කල චන්ද්ර සෙන්පති කිසිවෙකුට නැවත නැගී සිටවිය නොහැකි ලෙසින් පරාජයට පත් ව තිබුනි..
කිසිවෙක්ට විස්වාස කල නොහැකි නමුත් සත්යම වූ මෙය දෙව්දාර් තුලම වැලලී ගොස් තිබූ අතර ඔහුටම දරා ගත නොහී ඇතැම් අවස්තාවන් හමුවේ දස්කාල් ඉදිරියේ එකී සත්ය අනාවරණය වී තිබිනි..
තව දුරටත් දෙව්දාර් වෙහෙස නොකිරීමට දස්කාල් සිතා ගත්තේය..පෙරදා උදයේ පටන් ඇරඹුනු ගෙවී ගිය දිනයම දෙව්දර් හට මහත් වෙහෙස ගෙන දුන් දිනයක් විය..දැන් නව දිනයකට එලැබ තිබියදී පවා පෙරදින රුහිරු නැහැවුනු වස්ත්රයන්ගෙන් තවමත් සැරසී සිටි ඔහුව හැගීම් මත්තෙන් පවා තව තවත් වෙහෙස කරලීම දස්කාල් ප්රිය කලේ නැති..
තමන් තව කොතරම් දිනක් ජීවත් වේදැයි තමන් දනේ නැත..නමුත් අද දිනට පමණක් නොව තමාගේ ජීවිතය අවසන් සුසුම දක්වාම දෙව්දාර්ව නැවත වේදනාවට පත් නොකිරීමට හේ ඉටා ගත්තේය..
මෙතෙක් කාලයක් ඔහුතමාව පණ මෙන් සුරැකියේය...ඉදින් දැන් එලැඹ ඇත්තේ තමාගේ වාරයයි..තමා රාජ්යයේ රජුන් වුවද දුගී දුප්පත් මිනිසෙකු වුවද අනාගතයේ තමා හට ඔහු අසලින් සිටීමට හැකි වුවද නොහැකි වුවද දෙව්දාර් වෙනුවෙන්ම කැප වීමට හේ තමාටම සපත කලේ මෙතෙක් වර්ෂයන් තෙක් තමාගේ කුඩා ධාරු මරා දැමීමට තරම් දෙව්දාර් විදි වේදනා පිලිබද සන්තාපයෙනි..
"මා ඔසවන්න"
"ආ..කුමක්?"
"මා ඔසවන්නකො පවුරූ.."
"දැන් කවුරුන්ද මදකට පෙර අනෙකෙකු දකීවි යැයි පවසමින් මොර ගෑවේ..?"
දෙව්දාර් අසනා කල දස්කාල් සිය සුපුරුදු මුග්ද සිනහව පෑවේය..
"කවුරුන්ද පවුරු ඒ..ආ..සැබැවටම කවුරුන්ද ඒ..ම්ම්..බලනු කොයිතරම් මුග්ධයෙකුද නොවෙද ඔහු..අහෝ මුග්ධයෙක් ...ඉදින් කවුරුන්ද නොදනී නොවෙද පවුරූ"
![](https://img.wattpad.com/cover/281029235-288-k809157.jpg)
YOU ARE READING
°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]
Historical Fiction"මේ එක් ශිෂ්යයෙකු තම ගුරුන්ට දෙන වදනයි_ එක් බාලසොයුරෙකු තම වැඩිමලා හට දෙන වදනයි__ මා ඔබ වෙනුවෙන් බලා සිටිනවා_ ඔබ කොහි සිටියත් ඔබ සොයා පැමිනෙනවා_ ඔබව සුරකිනවා_ ඔබ වෙනුවෙන්ම මියයනවා_"...