දෙව්දාර් ගොඩගසා ඇති මලසිරුරු අතරින් ඇවිද ගොස් එහායින් සාමකාමීව ගලන ගංගාව අසලට ඇවිද ගියා....කෝපය පහව ගොස් තිබුනද මේ මලසිරුරු දකින මොහොතක් පාසා නැවත උඩ මතුවන කෝපය හේතුවෙන් අසල තිබු එක් මලසිරුරකට හැකි උපරිමයෙන් රවා බලා...නැවතත් පයෙන් තද පහරක් ගැසූ දස්කාල්ද දෙව්දාර් පසුපස ඇවිද ගියා....
දෙව්දාර් ගං ඉවුර අසලට වී ඈත බලා සිටින විට ඔහු අසලට ගිය දස්කාල් ඒ අසල පිහිටි ගංතලාව මත සිද ගත්තා...
"දෙව්දාර්...ඔබව නැසීමට චන්ද්ර මාලිගයේ කවුරුන්ටද අවැසි වන්නේ"
"නොදනී...සියල්ලන්ටම විය හැකියි"
"උන් මොන යක්කුද දේව්...මොන මගුලක් කල හෙයින්ද උන් ඔබත් සමග සතුරු"
එයට සමච්චල් සිනහවක් දුන් දෙව්දාර් පැවසුවේ
"අර මුග්ධ සයුරු සමගින්ම සිට දැන් ඔබටත් සුන්දර වාග්මාලාවක් තිබෙන්නේ"
එයට දත් සියල්ල පෙනෙන සේ සිනහ වුනු දස්කාල්
"හරි හරි ඉදින්...මේ එවැනි දෑ කතාකිරීමට කාලය නොවේනෙ පවුරු..ඔබත් ඉදින්.....වෙන වේලාවක නම් වචනයක් පිටකරගන්න මා දත කෑයුතුයි....එයට දැන්..මේ අනවශ්ය වේලාවෙ ඔබ කතාකරනවා....අසන්නකෝ දේව්...දැන් ඔබ මෙයට කුමක්ද කිරීමට සිතන්නේ"
"කිසිත් නැහැ"
"අහ්...කුමක්??"
"කුමක්ද කිරීමට තිබෙන්නේ..මේ දෑ දැන් මා හට හුරුයි..මෙහි ආ පසුත් ඔය දෙවෙනි ආක්රමනය"
ගංදිය මතට නෙත් හෙලූ දස්කාල්
"දෙවෙනි ආක්රමනය නොවෙයි තෙවෙනි ආක්රමණය"
දෑත් සිය ශක්තිමත් පපුව ඉදිරියෙන් බැද ඉදිරිය බලා සිටි දෙව්දාර් ඒ කීමත් සමග දෑස් සිහින් කරමින් දස්කාල් දෙසට හැරුනා
"එවිට ඒ ඔබ.."
"හ්ම්....ඔබ මගේ කුටියට විත් දින සතරකට පසු..."
"කී දෙනෙකුද"
"දොළොස් දෙනෙක්"
"මරා දැමුවද"
එයට සමච්චලයට සිනහවුනු දස්කාල්
"ඇත්තෙන්ම...ඔවුන් සිතන්න ඇත්තේ මා ඔබ කියා...ආක්රමණය සිදුවූයේ මා හට වුවත් දැන් පැහැදිලියි ඉලක්කය ඔබ බව"
![](https://img.wattpad.com/cover/281029235-288-k809157.jpg)
YOU ARE READING
°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]
Historical Fiction"මේ එක් ශිෂ්යයෙකු තම ගුරුන්ට දෙන වදනයි_ එක් බාලසොයුරෙකු තම වැඩිමලා හට දෙන වදනයි__ මා ඔබ වෙනුවෙන් බලා සිටිනවා_ ඔබ කොහි සිටියත් ඔබ සොයා පැමිනෙනවා_ ඔබව සුරකිනවා_ ඔබ වෙනුවෙන්ම මියයනවා_"...