ඉදින් නගර වැසියන් කටු අකුලක පටලවා හරිමින් විදිය දිගේ ඉදිරියට ධාවනය කරන අතරම..දෙව්දාර් දස්කාල් දෙස නෙත් හෙලුවේය...ඔහු සිනහසෙමින් ය
ඉදින් ඒ මුවග සැරසි සිනහව දුටු කල්හි දෙව්දාර්ට සිනහ නොවී සිටිය හැකිද?....නැත ...එය සිනහවක් පමණක් වූවා නම් කම් නැත....දස්කාල් සිය ඇගිල්ලකුත් මුවග රුවා ගනිමින් නිය සපමින්ම සිනහසෙමින් උන්නේය...
දැන් වැටෙයි රුද්‍රා මතින්...එය දුටු දෙව්දාර්ගේ සිතට ආ පළමු දෙය නම් එයම විය...
මේ නොසන්ඩාලයාගේ සෑම හැසිරීමක්ම හොදින් හදුනනා දෙව්දාර් ඔය සිනහවට හේතු කාරණා නොදැන සිටීවිද?...
එවිට..අතිදක්ෂ මකර සෙන්පති එලෙස ලෙහෙසියෙන් රුද්‍රා මතින් පය පැකිලේවිද?...
කොහිවත් නොමැති ආසාවකින් එක්වරම ගැටමුල්හර මිලට ගැනීමට ප්‍රිය තාව උපන්නෙද?
ඉදින් මේ සියල්ලකටම හේතුව දෙව්දාර් එවිටද මනා සේ දැන උන්නද..දස්කාල්ගේ ක්‍රියාවට භාදා නොකලේය...
ඒ බොළද ඊර්ශියාව දුටුවන කෙසේ නම් එය නවත්වන්නද....
තමා ගැන ඉහලින් වර්ණනා කල වීදියේ සිටි තරුණ ලඳන්ගේ මුව වැසීමට දස්කාල් හට තිබු වුවමනාව දෙව්දාර් මනා සේ හැදින්නේය...
රඟපෑම වුව සැබෑ ලෙස කල යුතුය...එනිසා තමා ශරීරාභරණ තෝරනා චන්දෲ දෙස බලා සිටියා...විනා...එය ඉබේම සිදු වූ ආකර්ශනයක් නම් නොවීය..
ඉදින් ඒ ලෙසින් නැවතත් ආලය වැරදි කරු වී දෙව්දාර් නිදොස් වුනි...
.
.
.
.
විජ්ජුලතාවන් පරදනා වේගයෙන් පැමිනි අසරුවන් තිදෙනා හට චන්ද්‍ර මාලිගයේ විසල් ද්වාරය එක් ක්ෂණයකින් විවෘත වුනි..මුලු මාලිගා ප්‍රදේශයම දුහුවිල්ලෙන් නැහැව යන මොහොතක මාලිගා පරිශ්‍රයේ සිටි සියලුම පාබල සේනාංක ඔවුන් වටා රැස් වීමට ක්ෂණයකදු ගත නොවීය....
මුව වසාගත් අසරුවන් සතර දෙනෙක් වටා සෙබලුන් පන්දහසකට අධිකයෙන් රැස් වුනි...
අනෙක් තිදෙනා තම අසුන් මතම සිටියදී....දෙව්දාර් කාල මතින් බිමට බැස්සේය...
YOU ARE READING
°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]
Historical Fiction"මේ එක් ශිෂ්යයෙකු තම ගුරුන්ට දෙන වදනයි_ එක් බාලසොයුරෙකු තම වැඩිමලා හට දෙන වදනයි__ මා ඔබ වෙනුවෙන් බලා සිටිනවා_ ඔබ කොහි සිටියත් ඔබ සොයා පැමිනෙනවා_ ඔබව සුරකිනවා_ ඔබ වෙනුවෙන්ම මියයනවා_"...