දස්කාල් හැකි උපරිමයෙන් ද්වාරයට රවා බලා ගස්සමින් ගොස් අසල ඇති ලී කොටය මතින් හිදගත්තා...
"හහ්..දුෂ්ට රැල..හිදින්නකෝ අද තිදෙනාම කුසගින්නේ තබනවා හුම්.."
බොහෝ වේලා ගතවුනද ද්වාරය විවර නොවූ හෙයින් අසල තිබූ කෝටුවක් ඇහිද ගත් දස්කාල් බිම කුරුටු ගෑම ඇරඹුවා...
"සිරුර මතින් පසෙකට වනු සයුරූ....නැතොත් නුඹේ කීර්ති නාමය උදුරා දමනවා...උහ්...මේ මගුලෙ තුවාලයත් මේ මොහොතෙම වේදනා දෙනවා"
තම සිරුර මත සිටිනා සමුද්‍රව පසෙකට කිරීමට උත්සහ දරමින් දෙව්දාර් කෑගැසුවද...තවමත් රිදුම් දෙන කැලැල් සලකුනු හේතුවෙන් ඔහුට අධික වේදනාවක් දැනෙමින් තිබුනා..
එකෙනෙහිම දෙව්දාර් අසලින් නැගී සිටි භාති ද්වාරය දෙසට ඇවිද යන විට සමුද්‍ර දෙව්දාර්ව අල්වාගෙනම කතාකලා
"ඔබ කොහිද යන්නේ"
"ඔහුව බලා පැමිනෙන්නම්"
එසේ කියමින් ද්වාරය හැරි භාති දස්කාල් වෙතට ඇවිද ගියා...
"තෝ....මා අසනීපෙන් නොසිටින මොහොතක අහුවෙයන්කෝ මරාදමනවා ලාටු තුරගා"
සමුද්‍රගේ ග්‍රහනයේ සිටම කෑගැසූ දෙව්දාර්ගේ හඩ කුටියෙන් එපිට සිටි දස්කාල් හට පවා ඇසුනා..
"මා පසුව අසුවෙන්නම්...එතෙක් ඔය නුඹ අසුව ඇති තැනැත්තා ගැන බැලුවනම්"
භාතිද කෑගසා දෙව්දාර් හට අතවනමින් පිටවගියා...සමුද්‍රගෙන් ගැලවීමට දැගලූ දෙව්දාර් නැවතත් කෝපයෙන් කෑගැසුවා
"අතෑරපන් සයුරු....මොහොතකට දෑත් ලෙහපන්...මා සපත කරනවා මොහොතක් පමා නොකර නුඹව මරාදමනවා....ආහ්...ඔතැන දෑත නොවද්දනු සුනකයෝ.වේදනායි...මගුල"
"උබ කිමද මගේ වදන් පවසන්නේ"
"පුහ්...සයුරු සෙන්පතිහටම ගිය වදන් හහ්"
එයට කෝපගත් සමුද්‍ර නැවතත් දෙව්දාර් වටා ගෙල සිරවෙන අන්දමින් දමා තිබූ ග්‍රහනය තවත් දැඩි කලා
"තෝ හැමිනියන් දෙව්දාර්..මොන මගුලකටද උබ ඔය උලව් නාමය පවසන්නේ...මා සමුද්‍ර සූකරයෝ....සමුද්‍ර..ඔය උලව් සයුරු නොවෙයි"
YOU ARE READING
°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]
Historical Fiction"මේ එක් ශිෂ්යයෙකු තම ගුරුන්ට දෙන වදනයි_ එක් බාලසොයුරෙකු තම වැඩිමලා හට දෙන වදනයි__ මා ඔබ වෙනුවෙන් බලා සිටිනවා_ ඔබ කොහි සිටියත් ඔබ සොයා පැමිනෙනවා_ ඔබව සුරකිනවා_ ඔබ වෙනුවෙන්ම මියයනවා_"...