දස්කාල් කුටිය වෙත පැමිණ දැන් තරමක් වේලා ගතව තිබුනද ඔහුට පෙර පිටවගිය දෙව්දාර් තවමත් කුටිය වෙත පැමිණ තිබුනේ නැත..
හිරු එලබීමට පැය කිහිපයක් පමණක් තිබුනද පෙරදිර රාත්‍රියේ සිදුවීම් හේතුවෙන් තමමත් නින්දක් නොලැඹූ භාති මෙන්ම ශියාද සමුද්‍රගේ රාජකීය කුටියෙහි මදක් විවේක ගැනීමට පිටවගිය අතර කණ්ටකගේ සියලු ඉල්ලීම් ප්‍රතික්ෂේප කල දස්කාල් සිය සුපුරුදු කුටියම තෝරා ගැනියේ දෙව්දාර් සමගින්මය..
කෙසේ වෙතත් අවසන් සටනක් තව නොඹෝ දිනකින්ම ඇති වන වග දන්නා සියල්ලන්ම හිරු නැගීමත් සමගම ඊට සූදානම් විය යුතු හෙයින් තවමත් සැතපීමට නොපැමිනි දෙව්දාර් පැමිනෙන තෙක් දස්කාල් සිය වස්ත්‍ර මාරු කොට පිරිසිදු වී කවුලුව අසලින් අසුන්ගෙන පෙරමග බැලුවේය..
දස්කාල් හට අතීතය සිහියට නැගුනි..ඒ දෙව්ශාර් තෙමසකට අතුරුදන්ව සිටි කාලයයි..
කාලන්ගේ අණින් ඔහු හමුවීමට පැමිනි දස්කාල් බලාපොරොත්තු නොවූ ප්‍රකාශයක් කාලන්ගෙන් ලැබිනි..
තමාගේ කුටිය අභියස මද කලක සිට සෑම දිනකම පාහේ තිබි එකී ධවල රෝසයන්..තැබූයේ කාලන් වග හේ ප්‍රකාශ කලේ දස්කාල් කාලන්ගේ කේෂයන් හොදින් පීරා ගැටගසමින් සිටිනා කල්හිය..
එකී ප්‍රකාශයෙන් දෑත් පැටලීගිය දස්කාල් අතින් කාලන්ගේ උඩට කර බදිමින් සිටි කේෂය ඔහුගේ දෑස්වසාන කඩා හැලුනේ ඔහු කෝප ගන්නා කල්හිය.
වහා සමාව ඉල්ලූ දස්කාල් නැවතත් තම කාර්‍යන් වෙත අවධානය යොමු කලේ නැවතත් දෙව්දාර්ගේ රුව මනසේ ඇදී මැකී යන කල්හිය..
අවසානයේ දස්කාල් සිය වදන් එක්කාසු කලේය..
"කිමද කුමරුනි එලෙස?"
දස්කාල් අසනා කල කාලන්ගේ කලබලකාරී දෙනෙත් කලබලයෙන් එහෙ මෙහෙ යන අයුරු ඔහු පිටුපසින් සිටි දස්කාල් හට දක්නට ලැබුනේ නැති..
"අහ්..කිසිත් නැහැ..ඔබට මතක ඇති මා මගේ ප්‍රියතමයා ගැන පැවසුවා..මා පැවසුවානෙ ඇයත් ප්‍රිය ධවල රෝසයන් හට වග ඉදින් ඒ නිසයි..ඈ හට කැඩූ ඒවායින් ඔබටත් මදක්....නුඹට අයිතියක් නැහැ ඒ පිලිබද ප්‍රශ්න කිරීමට.. හහ්..නුඹ වැන්නෙකුට එලෙස කිරීම වටින්නෙ නැති බව සැබෑව"
YOU ARE READING
°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]
Historical Fiction"මේ එක් ශිෂ්යයෙකු තම ගුරුන්ට දෙන වදනයි_ එක් බාලසොයුරෙකු තම වැඩිමලා හට දෙන වදනයි__ මා ඔබ වෙනුවෙන් බලා සිටිනවා_ ඔබ කොහි සිටියත් ඔබ සොයා පැමිනෙනවා_ ඔබව සුරකිනවා_ ඔබ වෙනුවෙන්ම මියයනවා_"...