''මගේ නුරායූ''
දස්කාල්ගේ මිමිනුමට දෙව්දාර්ගෙන් ලැබූනේ හුදෙක් බරැති සුසුමක් පමණි..
''ඔබට මා අවිශ්වාසද ධාර්''
''නොවේ..මා.කෙසේද ඔබ අවිශ්වාස කරනුයේ..ඔබ ඒ පිලිබද සිතිය යුතු නැහැ චන්දෲ..සිතන්න එපා..මා මදක් කලබල වූවා''
''චන්ද්‍ර සෙන්පති දෙව්දාර් ඔතැරැම්ම කලබල වී සිටිනු යමෙකු දුටුවනම් හෙම සිහිමුර්ජා වනු නිසැකෛ ධාරූ''
''ඔබ පමණනෙ''
'කුමක්ද මා පමණක්"
"ඔබ පමණයිනෙ මා කලබල වී සිටිනු දැක ඇත්තේ...අනෙක් සියල්ලන් අසල සිටිනා සීතල චන්ද්‍ර සෙන්පති වෙනස් වන්නේ ඔබ අසලදි පමණයි"
"මා දනී එය"
සිනහවක් සමග පැවසූ දස්කාල් දෙව්දාර්ගේ හස්තය තම හස්තයෙහි පටලවා ගත්තේය.
"යමු කුටිය වෙත..අප බොහෝ කාලයකින් එදෙසට යනුයේ"
දස්කාල් පවසනා විට දෙව්දාර් ඔහුව නැවතුවේ කලාතුරකින් ඔහුගේ මුවග මැවෙන මද සිනහවක්ද සමගිනි..
"එසේයි..නමුදූ...ඊට ප්‍රතම ඔබ මා සමග පැමිනිය යුතුය්.."
"කොහි යාමටද පවුරූ?..කිමද ඔය ලෙසින් සිනහසෙන්නේ ආ..කුමක්ද රහස"
"මුග්ධයා..කවුරුන්ද රහස් ප්‍රතමයෙන් පවසන්නේ..ඉදින් සයුරු සැබෑයි පැවසුවේ..''
දෙව්දාර් ඒ ලෙසින් පවසනා අතරම තම චන්ද්‍ර සෙන්පති යුධ වස්ත්‍රයෙන් එල්ලා වැටෙන එක් රක්ත පැහැ සලුවක් රැගෙන දස්කාල්ගේ දෑස් බැද දැමුවේ දස්කාල් විස්මයෙන් මොරගානා විටය..
"පවුරූඌඌඌ..කුමක්ද මේ සිදුකරනුයේ..දෑස් මුදා හරිනු..මුදා හරින්නකො පවුරූ..කිසිවක් නොපෙනේනේ..ඔය මා ඇදවැටේවි..කොහෙද මා රැගෙන යනුයේ පවසන්නකෝ''
දස්කාල්ගේ දෑස් වසාලූ දෙව්දාර් ඔහුගේ හස්තයෙන් අල්වා මද දුරක් රැගෙන යන කල එක්වරම පය පැටලීමට ගිය දස්කාල් කෑගැසීම ඇරඹුයේ දෑස් වසාලීම නිසා අමනාපයෙනි..
"එසේනම් මෙසේ..දැන් ඔබ ඇදවැටෙන්නේ නැහැනෙ"
එසේ පැවසූ දෙව්දාර් එක්වරම හස්තය නොපෑරෙන ලෙසින් දස්කාල්ව ඔසවා ගත්තේ දස්කාල් මුවත් දෝතින්ම වසාන නැවතත් කෑගසන කල්හිය...
YOU ARE READING
°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]
Historical Fiction"මේ එක් ශිෂ්යයෙකු තම ගුරුන්ට දෙන වදනයි_ එක් බාලසොයුරෙකු තම වැඩිමලා හට දෙන වදනයි__ මා ඔබ වෙනුවෙන් බලා සිටිනවා_ ඔබ කොහි සිටියත් ඔබ සොයා පැමිනෙනවා_ ඔබව සුරකිනවා_ ඔබ වෙනුවෙන්ම මියයනවා_"...