"කුමක්ද දැන් පවසන්නේ....අසුර සෙන්පති මගේ රාජ්‍ය ආක්‍රමණය කර කියාද මේඝ..."
කාලන් සිය උපරිම හඩින් ගිගුරුවේ චන්ද්‍ර මාලිගය දෙවනත් වී යන ලෙසටය...
"ආ..හ්....මේ අමනයා අපගේ කාලය නිකරුනේ කා දමනවා...වරක් මායිම් ගම්මානයට යන විට ඌ එතැනින් පැන ගොසින්...දැන් මෙහි පැමිණි විට ඒ මුග්ධයා සූර්‍ය රාජ්‍යට කඩාපැනලා....නිවැරදිව ආක්‍රමණය කරන ස්තානය පැවසුවනම් අප නිකන් සිටිනවද හුහ්...මේ අමන කැනහිල් අසුරයා....අසුර නොවේ මසුර මූ..."
සමුද්‍ර මේ සිතින් අසුර වෙත හෙන ඉල්ලන්නේ...මේ මොහොතේ ඔවුන් දැන ගත් ආරන්චිය නිසාවෙන් ය....කාලන් ඇතුලු පිරිස සූර්‍ය රාජ්‍යයෙන් පිටවී වැඩි කල් නොගොසින්ම අසුර සෙන්පති සූර්ය මාලිගය වෙත ආක්‍රමණය කර ඇති බවත්අසුරයන් මාවත් සියල්ල විනාශ කරමින් සිටිනා බවත් කියමින් සූර්ය රාජ්‍ය පණිවිඩකරු චන්ද්‍ර රාජ්‍ය වෙත ලගා වූයේ එහි ආක්‍රමණය සිදුවී දිනකටත් පසුවය...ඉදින් සූර්ය සෙන්පතිත් සූර්‍ය කුමරුත් සූර්ය සෙබලුන් බොහෝ පිරිසකුත් රාජ්‍යයෙන් පිටත සිටිනා කල සූර්‍ය රාජ්‍යය පවතිනා අනාරක්ෂිත තත්වය ගැන පැවසීමට චන්ද්‍ර මාලිගයේ සිටි කිසිවෙකු හටවත් වෙනත් කුමක්වත් වුවමනා නොවීය...
"මේඝ....යුධ සේනා සමගින් මේ මොහොතේම සූර්‍ය රාජ්‍ය වෙත පිටත්වනු...දෙව්දාර් ඔබ සේනා මෙහෙයවීම මෙන්ම සූර්‍ය කුමරු හා කුමරිය ප්‍රවේශමෙන් නැවත මලණුවන් වෙත භාරදිය යුතුයි මෙන්ම....අසුර යටත් කරගැනීම අත්‍යවශ්‍යයි..."
ඒ ලෙසින් චන්ද්‍ර රජුගේ අණ පිටවීමත් සමඟසියල්ලන් ඔහුගෙ අණ ක්‍රියාත්මක කිරීම උදෙසා බැදී සිටියා...
.
.
.
.
අසුර සේනා සූර්‍ය රාජ්‍ය ආක්‍රමණය කරමින් සිටින මේ මොහොතේ අඩක් චන්ද්‍ර සේනා මෙන්ම පැමිණ සිටි අඩක් සූර්‍ය සේනාවද...සූර්‍ය හා චන්ද්‍ර සේනාපතින් ද කාලන්,ශිල්‍යා හා ඇගේ මිතුරියද භාති හා දස්කාල් සමග චන්ද්‍ර යුවරජු මේඝයන්ද පවනට බදු වේගයෙන් සූර්‍ය රාජ්‍ය දෙසට ගමන් කරමින් සිටියහ....
"සටන් කරීමටවත් නොහැකි වුන් අඩුම තරමින් පාවා නොදී පසෙකට වී සිටියහොත් අගෙයි.."
KAMU SEDANG MEMBACA
°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]
Fiksi Sejarah"මේ එක් ශිෂ්‍යයෙකු තම ගුරුන්ට දෙන වදනයි_ එක් බාලසොයුරෙකු තම වැඩිමලා හට දෙන වදනයි__ මා ඔබ වෙනුවෙන් බලා සිටිනවා_ ඔබ කොහි සිටියත් ඔබ සොයා පැමිනෙනවා_ ඔබව සුරකිනවා_ ඔබ වෙනුවෙන්ම මියයනවා_"...
![°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]](https://img.wattpad.com/cover/281029235-64-k809157.jpg)