"පුෆ්...ඔහුත් මා ගණනකට නොගන්නවානම්...මාද එසේමයි..හහ්..මේ උඩගු බාලක හට පරදින්න...සිහිනෙන් තමයි"
ඉදින් ඒ දෙදිනක් පුරාවටම තමාව නොසලකා හැරීම උදෙසා දස්කාල්ගේ කූර පලිගැනීමයි...
"හහ්...කොහිවත් නොමැති මුසා පවසා අපවද මේ ගමනට සම්බන්ධ කරගත්තේ කුමන රුද්රාවකටද දන්නෑ...පුහ්...නමුදු පවසන්නේනම් කෙසේද....'තමුන් මහ අසමජ්ජාතියෙක්,තෝ උමතුවෙන්,ප්රලාප ප්රලාප..."
තමාට පසුපස ලා නව වස්ත්ර හදින දෙව්දාර් හට නොයෙක් ආකාරයෙන් මුව ඇද කල දස්කාල් ගස්සමින් ඒ වූ විසල් කුටියේ තිබූ සයනය වෙතට ඇදෙන්නට වුනා ...
නමුදු හේ නතර වූයේ දෙව්දාර් ඔහුගේ දෑතින් අල්වා ගත් හෙයින්...
"දැන් කිමද ඔය ආ..."
පුහ්..මෙතරම් දෑ කොට අනතුරුව කිමද කියා අසන අයුරු...පවසන්නෑමයි හුම්..මගුල...
සිතින් මිමිනූ දස්කාල් දෙව්දාර් හට උපරිම අයුරින් රවා බලා ඔහුගේ දෑතත් ගසා දමා සයනය මතට නැග...එහි පෙරවීමට තබා තිබූ අමතර ඇතිරිල්ල ගෙන සයනය දෙකකට වෙන් වන අයුරින් සලකුණු කලේය...දෙව්දාර් දෑසත් ආයාන බලා සිටිනු ඇස් කොනින් දුටුවද සිත යටින් සමච්චලයට සිනහසුනු හේ ඒ බැල්ම නොදුටුවා සේ තවත් හොදින් සයනය මත මායිම සලකුණු කලේය...
"දැන් තමුන් කුමක්ද ඔය සිදු කිරීමට තනන්නේ"
කුටියේ කෙලවරක පිහිටි කුඩා කවුලුව තුලින් සුලං පොදවල් ඇතුලට පැමිනෙන ලෙස දස්කාල් එය විවර කරනු දුටු දෙව්දාර් එවර ඇසුවේය....
වරක් දෙව්දාර් දෙස හැරී බැලූ දස්කාල් දුටුවේ මැදියම් රැයේ සිහිල් මාරුතය හේතුවෙන් දෙව්දාර් මදක් වෙව්ලා ගිය අයුරක්....කට කොනින් මද සිනහවක් නගා ගත් දස්කාල් සිය දකුණත දෙව්දාර්ගේ යටිකය වෙත දිගු කලේය...
"තමුන්ගේ හැඟීම් උද්දීපනය කරන්නට තනන්නේ කිම බියද?"
දස්කාල්ගේ වෙනදාට නොඇසුනු සරාගී කටහඩත් හේතුවෙන් මොහොතක් ගල්ව ගිය දෙව්දාර් එක්වරම තම යටිකය දෙසට නෙත් හෙලූ අතර එය දෝතින්ම වසා ගෙන පිටුපස හැරුනේය..
ESTÁS LEYENDO
°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]
Ficción histórica"මේ එක් ශිෂ්යයෙකු තම ගුරුන්ට දෙන වදනයි_ එක් බාලසොයුරෙකු තම වැඩිමලා හට දෙන වදනයි__ මා ඔබ වෙනුවෙන් බලා සිටිනවා_ ඔබ කොහි සිටියත් ඔබ සොයා පැමිනෙනවා_ ඔබව සුරකිනවා_ ඔබ වෙනුවෙන්ම මියයනවා_"...
![°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]](https://img.wattpad.com/cover/281029235-64-k809157.jpg)