තම ශක්තිමත් බද වටා එති ඒ දෑත් දිහා මොහොතක් බලා හිදි දෙව්දාර් අවසානයේ ඒදෑත් මතින් සිය දෑත තැබුවේය...මකර සෙන්පති වූවාත්, කාලනේත්‍රය හැසිරවූවත් ,දවස පුරා රාජකාරි මතින් වෙහෙස වූවාත්....,අසුන්ගේ තෝන් පටින් දෑත් කැපී ගොස් තිබුනත් දස්කාල්ගේ දෑත් එතැරැම්ම සුමුදු බව දෙව්දාර් හට දැනිනි...
දස්කාල්ගේ දෑත් මතින් සිය දෑත් තැබූ දෙව්දාර් ඒවා පසෙකට කරමින් නැගී සිටීමට තැනුවද එයින් සිදුවූයේ දස්කාල්ගේ දෑත් ඔහුගේ බඳ වටා තවත් තද වීම පමනකි...
"අතහරිනු"
"නොහැකියි"
"වරක් කීවානේ දැන්"
"ඉදින් මාද වරක් කීවා...අත්හැරිය නොහැකි බැව්"
දස්කාල්ගේ මුරණ්ඩු හඩ සවනට වැකෙනවිට දෙව්දාර් මවාගත් කෝපයකින් ඔහුත් සමගම නැගී සිටීමට තැනුවද සිදුවූයේ අන් දෙයකි....දෙව්දාර් ඉදිරියට යාමට සැරසුනද දස්කාල් මගහරස් කරමින් දැමූ පාදය නිසා දෙදෙනාම එක පොදියට අසල තණබිස්ස මතට පෙරලී ගියේ මෙතෙක් වේලා ඈතින් සිටිමින් කෝපයෙන් බලා සිටි කාලන් හා ශිල්‍යා තව තවත් කෝපයෙන් උමතු කරමින්....
දස්කාල් මතට වැටි දෙව්දාර් නිසා ඔහුගේ හුස්ම සිරවීමට ආසන්නව දැනුනත් තව තවත් තදකරමින් දෙව්දාර්ව වැළදගත් හේ මහහඩින් සිනහසුනා..
"මුග්ධයා අත්හරිනු"
"නොහැකියි බාලකයෝ"
"බාලකයෙක් නොවෙයි මා"
"ඔහ්..එසේද එසේනම් මිදී යනු හැකිනම්"
ග්‍රහණය තව තවත් තදකරමින් පැවසූ දස්කාල්ව පසෙකට කර නැගී සිටි දෙව්දාර් සිය එක් ඇහිබැමක් ඔසවා ඔහුට සමච්චල් සිනහවක් පෑවේ...දස්කාල් සිනහසෙමින් දෙව්දාර්ගේ කරවටා දෑත දමාගන්නා විට...
"බාලකයා දක්ෂයෙක්"
"කටවසනු මුග්ධයෝ"
අනතුරු දස්කාල් හඩ නගා සිනහසුනේය..
"ඔහ්..ඔබ දක්ෂයි සැබැවින්ම...නැතිනම් කෙසේද මාගෙන් මිදීයන්නේ"
අනතුරුව දෙව්දාර් සුපුරුදු ලෙසින් සමච්චලයට සිනහසුනේය...
"එසේද..එසේනම් අප බලමු නුඹ කෙසේද මින් ගැලවී යන්නේ කියා"
YOU ARE READING
°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]
Historical Fiction"මේ එක් ශිෂ්යයෙකු තම ගුරුන්ට දෙන වදනයි_ එක් බාලසොයුරෙකු තම වැඩිමලා හට දෙන වදනයි__ මා ඔබ වෙනුවෙන් බලා සිටිනවා_ ඔබ කොහි සිටියත් ඔබ සොයා පැමිනෙනවා_ ඔබව සුරකිනවා_ ඔබ වෙනුවෙන්ම මියයනවා_"...