_වසරකට පසු_
"පියාණෙ...ණි..."
"පලයං තූර්‍ය.....උබ අද සිට මගේ දරුවෙකු නොවෙයි...පලයං මෙතනින්..."
"පි..පියාණෙනි මා...."
යුවරජු හට වදනක් වත් කතා කිරීමට ඉඩ නොදීම ආලෝක රජු ගිගිරුවේ මුලු රාජසභාවම හෙලවිලා යන ලෙසට...රාජ සභිකයන් මුහුණට මුහුණ බලාගත්තේ සිදුවූ කිසිවක් වටහාගත නොහැකිව....
"මා...රාජ්‍යයේ රජු....මේ මොහොතේ මොහුව යුවරජු තනතුරෙන් නෙරපනවා...එමෙන්ම..."
අතරතුර නැවතූ රජු තූර්‍ය දෙස මොහොතල් බලා සිද නැවතත් ඉදිරිය බලා තම අණ පැවසුවා
"එමෙන්ම..මේ මොහොතේ සිට මොහුට රජපවුල සමග තිබෙන සියලුම සම්බන්ධතා කපා හරිනවා..තවද......අද සිට මොහු මාගේ දරුවකු නොවෙයි.."
තූර්‍ය සිංහාසනය පාමුල අසිහියෙන් මෙන් දණින් වැටෙන විට මුලු රාජසභාවම කසු කුසු වලින් පිරී ඉතිරී ගියා...ප්‍රධාන අමාත්‍යගේ කටකොනකට නැගි සිනහව යුවරජුට දහසක් දෑ වටහාදුන්නද ඔහුට කිසිවක් පැවසීමට හැකි වුනේ නැහැ...
"නවතනු....නුඹලාට සැකයක් තිබේදමගේ තීරණ පිලිබදව....සිටිනවාද එකෙකු මෙයට විරුද්ධ....පවසනු..සිටීනම් ඔහුටද මොහු සමගින්ම පිටව යා හැකියි..."
රාජසභිකයන් හට කෝපයෙන් කෑගැසූ රජු නැවතත් තම පුතු දෙස බලා
"මා ඔබෙන් මෙවැන්නක් අපේක්ෂා කලේ නෑ තූර්‍ය...පිටවයනු..මේ මොහොතේම පිටවයනු...නුඹ නැවත කිසිදා මගේ දෑස් ඉදිරියට නොපැමිනිය යුතුයි..."
යුවරජු වදනකුදු නොපවසා ද්වාරය වෙත හැරුනද...එකෙනෙහිම සභාවේ විසල් ද්වාරය මහ හඩින් විවරවී අසිපත් අතැති දෙනෙකු සභාවට කඩා වැදුනේ ආලෝක රජුව නැවතත් කෝපගන්වමින්...
"ශිව්නාත්.............................."
රජු කෝපයෙන් ගිගිරුවා...ඒ ඔවුනුයි..ශිව්නාත් හා කාදිනී..යුවරජු විස්මයෙන් බලා සිටින විට ඔවුන් දෙදෙනා යුවරජු ඉදිරියෙන් සිටගත්තා...ඒවූ අසිපත් වලින් වැගිරෙන රක්ත රුධිර දහරා කියාපෑවේ පිටත සටනක් නිසැකයෙන්ම සිදුව ඇති බවයි....
"ශිව්නාත්......ඔබ මගේ අයියණ්ඩිගේ දරුවා නිසා ඔබ දෙදෙනා හට මෙවර සමාව දෙනවා පිටත කල දේට....ඔතැනින් ඉවත්වනු...නුඹලා මොහුට උපකාර කලහොත් නුඹ දෙදෙනාටද පිටවයා හැකියි"
BẠN ĐANG ĐỌC
°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]
Tiểu thuyết Lịch sử"මේ එක් ශිෂ්‍යයෙකු තම ගුරුන්ට දෙන වදනයි_ එක් බාලසොයුරෙකු තම වැඩිමලා හට දෙන වදනයි__ මා ඔබ වෙනුවෙන් බලා සිටිනවා_ ඔබ කොහි සිටියත් ඔබ සොයා පැමිනෙනවා_ ඔබව සුරකිනවා_ ඔබ වෙනුවෙන්ම මියයනවා_"...
![°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]](https://img.wattpad.com/cover/281029235-64-k809157.jpg)