"දෙව්දාර් නොමැතිව දෙවෙනි දිනය" තනිවම මුමුණා ගත් දස්කාල් සයනය මතින් සිදගත්තේය...
මේ දින ද්විත්වය තුලම දස්කාල්හට ඔහුව මතකයට නැගෙනා මොහොතවල් වල "පවුරු හෝ දේව්" ලෙසින් නොමැතිව "දෙව්දාර්" ලෙසින් ඇමතන්නට වූයේ ඒවූ නාමයන් ද්විත්වය මතකයට නැගෙනා සෑම මොහොතකම ඔවුන්ගේ මතකයන් සිහිවී දෑසට කදුළු බිදු උනනා හෙයින්...
දෙව්දාර් තමා හැරනොගියද මෙතරම් දිනක් එක්ව හිද එසේ වෙන්වීම දස්කාල් හට මහත් වේදනාවක් ගෙන දුන්නේය...
සුපුරුදු ලෙසින් කාලන්ගේ රාජකාරී උදෙසා පිටවයාමට දස්කාල් සූදානම් වූයේය..පෙරදී කාලන් ඔහුව නැවත සේවයේ පිහිටවූ හෙයින් අස්හලේ කටයුතු වලින් මුක්ත කර ඒ උදෙසා භාතිව අනුයුක්ත කර තිබුනි....
කෙසේවූවත් පෙරදින රැයෙහි ඒ පිළිබද පැවසූ විට සමුද්‍ර හටනම් කාලන් මේ කුමක් උදෙසා පැමිනෙනවාදැයි වැටහෙනබව පැවසුවද....භාති හා දස්කාල් කිහිපවරක් විමසුවත් "අර සූකරයා අතින් කුමරු මරාදැමීම සිදු නොවිය යුත්තක්" කියමින් එය මගහැර ගිය සමුද්‍ර පිලිබද දස්කාල් නම්තවමත් කලපනා කරනා සැටියකි...
සුපුරුදු ලෙසින් ධවල වස්ත්‍රයන් දැරූ දස්කාල් ද්වාරය හැර කුටියෙන් පිටතට පැමිනීමට සැරසුනද ද්වාරය අසලින් හේ නැවතුනි...
"මොන මගුලක්ද...පෙරදී මෙන් ශබ්දනගනවා....මේ නිශ්ශබ්දතාවය මහත් කරදරයක්"
කෝපයෙන් ද්වාරය වෙත පාපහරක් ගැසූ දස්කාල් ඒ වෙත බැන වැදුනේය...
වෙනදාට හරිනා විට චරස් ශබ්දය ඇසෙනා ද්වාරයෙන් මේ දිනවලදී කිසිදු ශබ්දයක් නොඇසීම....මේ නිහඩතාවය දස්කාල් හට හිසරදයක් මෙන් වූයේය...
තවත් වරක් පාපහරක් ගැසූ හේ මහා හඩින් ද්වාරය වසමින් පිටතට පැමිනියේය...
අනතුරු මාලිගාව වෙත ගිය හේ සුපුරුදු පරිදි රාජකාරි ඇරඹූ අතර කිසිවෙකු හා සාකච්චාවට නොගිය දස්කාල් නිහඩවම දවස ගෙවා රාත්‍රී දහයේ හෝරාවට ආසන්න වන විට කුටිය වෙත පැමිනුනි...
ද්වාරය විවරකරනා විට එකදු ශබ්දයක් නොආ බැවින් නැවතත් කෝපගත් හේ කුටිය වෙත පිවිසීම පසෙක ලා පිටතට පැමිනියේය...
YOU ARE READING
°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]
Historical Fiction"මේ එක් ශිෂ්යයෙකු තම ගුරුන්ට දෙන වදනයි_ එක් බාලසොයුරෙකු තම වැඩිමලා හට දෙන වදනයි__ මා ඔබ වෙනුවෙන් බලා සිටිනවා_ ඔබ කොහි සිටියත් ඔබ සොයා පැමිනෙනවා_ ඔබව සුරකිනවා_ ඔබ වෙනුවෙන්ම මියයනවා_"...