අද දින සියලු කාර්යන්ගෙන් දහවල් වීමට ප්‍රතමයෙන් නිදහස් වූ හෙයින් දස්කාල් නම් සිටියේ සන්තෝසයෙන්.....
කාලන් හා ශිල්‍යා මේවන විටත් තමාගේ කුටිය වෙත පැමිනීමට තීරණය කර ඇති බව නොදත් දස්කාල් තුටින් සිය කුටිය වෙත පිටත්ව ගියේය...
දස්කාල් කුටිය වෙත පැමිනෙන විටත් දෙව්දාර් කිරීමට කිසිදු කාර්යක් නොමැති හෙයින් සුපුරුදු ලෙසම චන්ද්‍රකාන් මුවහත් තබමින් සිටි අතර දස්කාල් ඔහුට භාදාවක් නොකරම කුටිය වෙත පිවිසුනේය...
දෙව්දාර්ගේ ගත මෙතැන්හි තිබුනද සිත තිබෙන්නේ බොහෝ දුරක බව දස්කාල් මනා සේ දත්තේය..කිමද යත් චන්ද්‍ර රාජ්‍යයේ සිට ඔත්තු සපයන්නා,සූර්ය මාලිගයේ රාජපරිවාරයට අසලින්ම රැදෙන ද්‍රෝහියා,තමාහට ප්‍රහාර ත්‍රිත්වයක් එකපිට එල්ල කල තැනැත්තා, ඒ හැරුනු විට අසුර සෙන්පති...ඒ සියල්ල පිලිබද වගකීම සම්පූර්ණයෙන්ම දෙව්දාර් මත පැටව තිබෙන්නක් හෙයින්...දෙව්දාර් නිතරම මෙලෙසින් කිසිවක් නොකර සිටින බව හැගවූවද සිතින් සියල්ල සැලසුම් කරනා බව දස්කාල් දැනුවත්...
පිපාසය හේතුවෙන් ජල බදුනක් පානය කල දස්කාල් අනෙක් පස හැරෙනා විට දෙව්දාර් කල්පනාවෙන් මිදී තමාදෙස බලා සිටිනු දුටුවේය....
"මා භාදා කෙරුවාද?"
දස්කාල් ඇසූවිට දෙව්දාර්ගේ පිලිතුර සුපුරුදු ලෙසින්ම කෙටි වූයේය...
"නොවේ"
"ඉදින් ඔබ නිදහස් නම්...අප වෙලුම් පටි ඉවත් කරමු"
"හ්ම්"
දෙව්දාර් එපමනක් පවසා පිටතට ගිය විටදී දස්කාල් ද අනතුරු පිටතට පැමිනියේය...
කුටිය වටා දැවයෙන් තැනූ වැට කෙලවර පිහිටි දස්කාල් නම් නාමය නොදන්නා විසල් වෘක්ෂය පාමුල සවි කර තිබූ කුඩා දැව කොටය මතින් දෙව්දාර් හිදගෙන සිටිනු දුටු හේ ඔහුවෙතට ඇවිද ගියේය...
අනතුරු කිසිත් නොදෙඩූ දස්කාල් දෙව්දාර්ගේ හරිත පැහැ උඩුවස්ත්‍රය ගලවා දැමුවේය....මේ වන විට සූර්යා මුදුන් වී තිබූ හෙයින් සූර්යාගේ කාෂ්ටක කිරණ කෙලින්ම නොආවත් විසල් වෘක්ෂයේ අතු අතරින් බේරී ආ ඒ වූ කිරණ දෙව්දාර්ගේ තලෙළු පැහැ ගත් ශක්තිමත් නිරුවත් උඩුකය මතට පතිත වී දිස්නය දෙන අයුරු දස්කාල් මදක් නැවතී බලා සිටියේය...
YOU ARE READING
°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]
Historical Fiction"මේ එක් ශිෂ්යයෙකු තම ගුරුන්ට දෙන වදනයි_ එක් බාලසොයුරෙකු තම වැඩිමලා හට දෙන වදනයි__ මා ඔබ වෙනුවෙන් බලා සිටිනවා_ ඔබ කොහි සිටියත් ඔබ සොයා පැමිනෙනවා_ ඔබව සුරකිනවා_ ඔබ වෙනුවෙන්ම මියයනවා_"...