දියෙන් පෙගී තෙත බරිත වී සිටි චන්ද්‍ර සෙන්පති දෙව්දාරුත් සූර්ය සෙන්පති සමුද්‍රත් දිනේන්ද්‍රාන්තය වෙතට වැටී තිබූ මාර්ගය ඔස්සේ නිහඩවම ගමන් කරමින් සිටියහ...
නමුදු තමාව ජලයට තල්ලු කල අමන දෙව්දාර් හට නොතෙමී සිටීමට තමා ඉඩ නොදුන් අයුරු සිහි කරමින් සූර්ය සෙන්පතිගේ මුවින් ඉදහිට පිටැවුනු අභිමානවත් සිනහවනං ඒ නිහඩ බව ඇතැම් විටෙක බිද දැම්මේය...
සමුද්‍ර හට නම් තවත් මුව වසාන සිටිය නොහැක්කා සේය....ගෙල තෙක් මෙන්ම දෑතෙහි මැණික් කටුව තෙක්ම දිගුවූ රත් පැහැති වස්ත්‍ර හැද ජලය වෑස්සෙමින් ඉදිරියෙන් ගමන් කරනා දෙව්දාර්ව පෙනෙන විට ඔහු සිතින් මවා ගත්තේ නිසැකයෙන්ම තෙත බරිත කුකුලෙක්වමය....
නමුත් ඉදින් සමුද්‍ර හට තමාගේ රුව දැක ගැනීමට අසලින් කැඩපතක් නොතිබීම නම් නිසැකයෙන්ම අසාධාරණය...කිමද යත් සත්තකින්ම සමුද්‍රගේ පෙනුම මේ මොහොතෙහි දෙව්දාර් හට නොදැවෙනි විය...
ඒ කෙසේ වූවත් ඉදින් මොහොතකට පෙර තම සිත වෙලාගත් ශෝකය දැන් සමුද්‍ර හට නැත්තේය....
ඒ වෙලෙහි දෙව්දාර්ගේ කීමට මදක් සිත රිදී ගියද දැන් නම් එවැන්නක් සිදු වූවාදැයි කියාවත් මතකයක් සමුද්‍ර හට නැත්තේ තමාගේ ප්‍රයත්නය සඵල වූ නිසාවෙන් මය....
සත්තකින්ම මේ මොහොතෙහි සමුද්‍ර වටහා ගත් දෙයක් වී නම් ඒ....තමා සංග්‍රාමයන් කොතෙක් නම් ජය ගත්තද ඒ සියල්ලක්ම මේ සූකරයා නින්දාවට පත් කොට ලබනා සන්තෘප්තියට කිසිදා සම නොවන බවය....
ඉදින් ඒ අභිමානවත් සූර්ය සෙන්පති සමුද්‍රගේ නව සොයාගැනීම වූවා සේම....එහි නව අත් හදාබැලීම් උදෙසා ඉදිරියේදී චන්ද්‍ර සෙන්පති දෙව්දාර් හට භාජනය වීමට සිදු වීම නම් නිසැකය....
සමුද්‍ර මේ සිටින්නේ ගංදියේදී දෙව්දාර්ව අපමන අපහාසයන්ට ලක් කරය...කිමද යත් සමුද්‍රගේ වුවමනාවම වී තිබුනේ ජලස්නානය නම් නොවීය ඔහුව ගංදියට ගෙන්වා ඒ පුලුල් සිරුර මත එක් අපූරු වූ සිත්තරෙකු අදින ලද රත් පැහැ සිතුවම් වලින් දෙව්දාර්ව සමච්චලයට ලක් කිරීම නම් පමණක් ය...
ВЫ ЧИТАЕТЕ
°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]
Исторические романы"මේ එක් ශිෂ්‍යයෙකු තම ගුරුන්ට දෙන වදනයි_ එක් බාලසොයුරෙකු තම වැඩිමලා හට දෙන වදනයි__ මා ඔබ වෙනුවෙන් බලා සිටිනවා_ ඔබ කොහි සිටියත් ඔබ සොයා පැමිනෙනවා_ ඔබව සුරකිනවා_ ඔබ වෙනුවෙන්ම මියයනවා_"...
![°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]](https://img.wattpad.com/cover/281029235-64-k809157.jpg)