සියල්ල සාකච්චා කර අවසානයේ පිරිස විසිර යාමට සූදානම් වූයේ අසුර සෙන්පති පිලිබද තවත් බොහෝ දෑ කතිකාකරගෙන වෙද්දී...සියල්ලන්ගේම සිත්තුල අසුර සෙන්පති සිටියේ නම් එතරම් හොද මානයක නොවෙයි....
සමුද්‍ර කිසිත් නොකියා පිටව යාම හේතුවෙන් භාතිට පමනක් සමුදුන් දස්කාල් මදක් ඈතින් කුටිය වෙතට ඇවිද යන දෙව්දාර් පසුපස යාමට ගත්තා...වුව.....කුමරුන් හේතුවෙන් දස්කාල් හට නැවතීමට සිදු වූවා...
"නුඹ නැවත කාර්යන් උදෙසා මා වෙත පැමිනිය යුතුයි පෙර ලෙසම...."
මදක් විස්මයට පත් වූවත් එයට එකග වූ දස්කාල් හිස සැලුවා
"එහෙමයි කුමරුනි.."
"දැන් ගොස් මාහට ජලස්නානය සදහා කටයුතු සූදානම් කරව"
"එහෙමයි"
ඉදින් සතියක් පමන නිදහසේ දින ගෙවූවද දස්කාල් හටනැවතත් සුපුරුදු රාජකාරීන් උදෙසා පිටවයාමට සිදුවුනේ....කාලන්ගේ අණත් සමග....දස්කාල් යනු රාජ්‍යයේ අස්හලේ පාලක පමනක් වුවද නැවතත් කාලන්ගේ පෞද්ගලික සේවකයා ලෙසින් කාර්යන් සිදුකිරීම ඇරඹුවා...
පෙර මෙන් නොව දැන් කාලන්ගේ බැනවැදීම් වල අඩුවක් දක්නට ලැබුනද...කිරීමට අනකරනා කාර්යන්ගේනම් අඩුවක් පැවතියේ නැහැ..
ස්නානය උදෙසා කටයුතු සූදානම් කිරීමෙන් අනතුරුව..ආහාර ගැනීමටවත් විවේකයක් නොතියා දස්කාල් හට කාලන්ගේ සියලු කාර්යන් පෙර ලෙසින්ම සිදු කිරීමට වුනා...
නමුත් පෙර මෙන් නොව...දැන් දස්කාල් හට සිහියට නැගුනේ දෙව්දාර්වයි...
"මෙය ආහාරයට ගනු"
බොහෝ වේලාවක් කාර්යන් සිදුකිරීමෙන් අනතුරුව කාලන් දුන් සුලු ආහාර වේල දෑතට ගත්තද දස්කාල්ගේ සිත දිවගියේ දෙව්දාර් වෙත.....මකර සෙන්පති තමන් වීලාත් තනිව වාසය නිසා තමා ආහාර සැකසීමට දැනුවත් වුවද....දෙව්දාර් එසේ නොවන වගත් දස්කාල් දැනුවත්...සියන්හා වලදී දෙව්දාර්ටම වෙන්වූ මාලිගයෙන් ආහාර සැපයුවද මෙහි ආ දින සිට දස්කාල් පිස දුන් ආහාර පමනයි ඔහු ආහාරයට ගත්තේ..ඉදින් උදෑසන ආහාර සකසා පැමිනියද දිවා ආහාරය ඔහු ලබාගත්තාද නොමැතිද යන්න දස්කාල් දැනුවත් නැහැ....
JE LEEST
°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]
Historische fictie"මේ එක් ශිෂ්යයෙකු තම ගුරුන්ට දෙන වදනයි_ එක් බාලසොයුරෙකු තම වැඩිමලා හට දෙන වදනයි__ මා ඔබ වෙනුවෙන් බලා සිටිනවා_ ඔබ කොහි සිටියත් ඔබ සොයා පැමිනෙනවා_ ඔබව සුරකිනවා_ ඔබ වෙනුවෙන්ම මියයනවා_"...