"උතුමානෙනි...මා හට දඩුවම් කරන්න"
රජුන් මදක් කල්පනා කලේය...
"සමුද්‍ර..ඔබ පිළිගතයුතුයි...ඔබ ඒ සිදුකලේ බරපතල වරදක් වග...ඔබට ඔබේ සෙන්පති පදවිය පවා අහිමි කල හැකියි....නමුත් ඔබ කල දෙයින් චන්ද්‍ර සෙන්පතිගේ ප්‍රාණය රැකූණු හෙයින්....මෙවර ඔබ පිළිබද තීරණයක් ගැනුම නොකරයි...කිමද මෙය ඔබ මේ වසර නවය පුරාම සිදුකල ප්‍රතම වරදයි...නමුදු නැවත මෙවන්නක් සිදු වුවහොත්.....ඒ වර මෙලෙසින් කතිකා කරමින් සිටින්නේ නැති බවත් මතකයේ තබා ගනු..."
රජුන් නොකියා කීවේ තර්ජනයක් බව වැටහුනු සමුද්‍ර කිසිවක් නොකියාම...ආචාර කර පිටව ගියේ රජු තවමත් සමුද්‍ර යන දෙස කල්පනාකාරීව බලා සිටින විට..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
සමුද්‍ර සිය නිල කුටිය වෙත ඇවිද ගියේය..සැබෑවටම රාජපරිවාරය හැරුනු කොට සූර්ය මාලිගයේ විසල්ම මෙන්ම සැපපහසුම කුටිය හිමිව තිබුනේ සූර්ය සෙන්පති හටයි....නමුදු සමුද්‍ර හට නම් මේ සැපපහසු කුටිය ඔහුගේ වධකාගාරයට වඩා පහත් තත්වයක තිබුනේය....
දස්කාල් ඔහුගේ පැරණි අබලන්ව ගිය කුටියේත් භාති නගරයෙන් එපිට පිහිටි ඔවුන්ගේ කුඩා නිවසේත් වාසය කරන කල තමා මේ සැපපහසු කුටියේ ජීවත් වන වග් සිතීම පවා සමුද්‍ර හට වේදනා ගෙනදුන්නේය...
නමුදු රාජකාරි,වගකීම්,න්‍යායන්,යුක්තීන් පිරුනු මේ විසල් කුටියට වඩා...රණ්ඩු සරුවල්,මතබේද,සිනහව,විහිළු,ආදරය,මතක පිරුණු දස්කාල්ගේ අබලන් කුටිය ඔවුන් හට මේ සියල්ලටම සැපපහසුවක් ගෙන දුන් වග සමුද්‍ර දැනුවත් ය....
ඒ නිසාම සියලු රාජකාරීන් අවසන් වූ පසු මාලිගයේ සියල්ලන්ටම හොර රහසේ චක්‍රාගේ අබලන් කුටිය දක්වා දිව යන මොහොත සමුද්‍රගේ දින චර්‍යාවේ සුන්දරම මොහොත වූවේය...
සමුද්‍රගේ කුටිය සෑම තැන්ක්ම පාහේ අලු පැහැයක් ගත්තේය....
තම කුටිය වටා හිස් බැල්මක් හෙලූ සමුද්‍ර අසල කවුලුව අසලට ගිසින් එපිට බැලුවේය...
ඔහු තවමත් රුධිරය තැවරුනු වස්ත්‍ර මතින්ය....දෙව්දාර්ගේ හා ඔහුගේ රුධිරයෙන් සූර්ය සෙන්පතිගේ දම්/කාල පැහැයට හුරු යුද ඇදුම තද පැහැයක් ගත්තේය....
YOU ARE READING
°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]
Historical Fiction"මේ එක් ශිෂ්යයෙකු තම ගුරුන්ට දෙන වදනයි_ එක් බාලසොයුරෙකු තම වැඩිමලා හට දෙන වදනයි__ මා ඔබ වෙනුවෙන් බලා සිටිනවා_ ඔබ කොහි සිටියත් ඔබ සොයා පැමිනෙනවා_ ඔබව සුරකිනවා_ ඔබ වෙනුවෙන්ම මියයනවා_"...