දස්කාල්ගේ සිරුර මාලිගයේ තිබුනද සිත නම් තිබුනේ වෛද්‍ය කුටියේ විය...
කොතරම් රාජකාරි බහුල වූවත් මොහොතකට සිහිසුන්ව සිටිනා දෙව්දාර් අසලට යාමට ලැබෙන කුඩා විවේකයේ වුව උත්සහ කලද කුමරුන්ගෙන් නම් එයට කිසිදු අවස්තාවක් නොලැබුනි..දෙව්දාර් හට නැවත සිහිය ආ බවක් දස්කාල් නොදත්තේය...
මෙතෙක් වේලා කුටියේ සිටි කුමරුන් ප්‍රධාන මාලිගය වෙත ගිය හෙයින් සුසුමක් හෙලූ දස්කාල් කුමරුන්ගේ ලියන මේසය වෙත ගොස් එහි තිබෙනා දෑ පිලිවෙලට ඇසිරුවේය...
නමුදු ඒත් සමගම...කුටියට එපිටින් සේවිකාවන්ගේ කසු කුසුවක් ඇසුනු හෙයින්....කවුලුවෙන් හිස දැමූ දස්කාල් ඒ දෙසට එබී බැලුවේය...
"දුටුවාද...ඔවුන් නම් සතුරන් ලෙසින් කිව නොහැකියි"
"අනේ..ඔවුන් සතුරන් නොවුනානම්"
"නමුත් ඉදින් ඔය ලෙසින් සතුරන් ගමන් කරනවාද...එකිනෙකා අසලින්"
"ආහ්...එය පසෙක දමන්න...දුටුවාද ඒ තේජස....දෙවියනේ...මා හට හුස්ම රැක ගැනීමටත් අමතක වනවා..."
"සත්තකින්ම.....සෙන්පතීන් දෙදෙනා නම් උමතුවක්....ඔවුන්ගේ ආදරවන්තියන් නම් බොහොම වාසනාවන්තයි"
"එය නම් ඉටුවේවිද නොදනී...දන්නවනෙ..සමුද්‍ර සෙන්පති තුමන්ගේ බැල්ම...එකම තරුණියක් පසු පසවත් මෙතෙක් වැටී නැති වග...."
"හ්ම්...සැබෑව...දෙව්දාර් සෙනවි තුමනුත් එසේමයිලු...ආරන්චියි සියන්හා තරුණියන් ඔහු වෙනුවෙන් මියයාමට තනන විට පවා එතුමා නොවේලු බැල්මක් වත් හෙලුවේ"
තරුණියන් කිහිප දෙනෙක් කොමල පාමින් කින්කිනි හඩින් මුමුණනු ඇසී දස්කාල් හට හුස්ම සිරවූයේ නොමැත්තා පමණි...
"පවු..රූ...එසේනම්...ඔහු අවධි වීලා..."
වදන් ගැටගසමින් මිමිනූ ඔහු කුමරුන්ගේ පෞද්ගලික කුටියෙන් එපිටට දිව ගියේය....
"හහ් නමුත් ඔය උඩගු බාලකයා පවසන්නේ නම් කෙසේද..තරුණියන් ගැන උනන්දුවක් නැතැයි කියා...හුහ්...ඔය ඇසෙන්නෙ දැන්....එහි තරුණියන් උමතු වීලු ඔහුට...හහ්..කුමක්ද ඔතරම් උමතු වීමට කාරණය..."
YOU ARE READING
°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]
Historical Fiction"මේ එක් ශිෂ්යයෙකු තම ගුරුන්ට දෙන වදනයි_ එක් බාලසොයුරෙකු තම වැඩිමලා හට දෙන වදනයි__ මා ඔබ වෙනුවෙන් බලා සිටිනවා_ ඔබ කොහි සිටියත් ඔබ සොයා පැමිනෙනවා_ ඔබව සුරකිනවා_ ඔබ වෙනුවෙන්ම මියයනවා_"...