කාලන් එක්වරම ශිල්‍යා දෙස බලද්දී...ඈත් බියෙන් මෙන් ඔහු දෙස බැලුවාය...
දෙව්දාර් එක්වරම ශියා දෙස හැරුණු අතර...මේ කවුරුන්දැයි නොදන්නා අමුත්තන් දෙස විස්මයෙන් බලා සිටි ඇයට කතා කලේය...
"ශියා ඔබේ කුටිය වෙත යන්න...අප පසුව පැමිණෙන්නම්..."
වරක් භාති දෙසත් අනතුරුව දස්කාල් දෙසත් ඔහු අසලම සිටි සමුද්‍ර දෙසත් බැලූ ශියා දෙව්දාර් හට හිස වනා නැවතත් උඩු මහල වෙත නැග්ගේ මොවුන් කිසිවෙක් හේතුවක් නොමැතිව කිසිත් නොකරන වග මනාව දන්නා හෙයිනි..
"ඔබ තුමන්ලා හට පහත මාලයේ කාමර සූදානම්...ගමන් මහන්සියත් ඇති නිසා විවේක ගන්න...දැන් රෑ බෝවීමටත් ආසන්නයි නෙ"
දෙව්දාර්ගේ සංඥාවෙන් එසේ කී දස්කාල් ඔවුන්ව පහත මාලයේ අමුත්තන්ගේ කුටි වෙත රැගෙන යාමට සැරසුනද...ඔහුව ගනනකට නොගත් ශියා දෙව්දාර් දෙස බලා කතා කලේය...
"එවිට ඔබ කොහිද විවේක ගන්නේ"
ශියා අසනා විට දස්කාල්ගේ මුව නම් ඇදව ගියේය..
"මා මගේ කුටියේ නොමැතිව වෙන කොහි විවේක ගන්නද කුමරියනි"
තමා ඇසූ මුග්ධ පැනයට දෙව්දාර් වෙනසක් නොපෙන්වාම පිළිතුරු දුන් අයුරු දුටු ශියා සිත යටින් නම් තුටු වූවාය...
"දෙව්දාර් කරුණාකර අපටත් උඩු මහලේ කුටියක් ලබා දෙන්න...පහත මාලයේ විසීම හුරු නොමැතියි අපට"
ශියා පවසන විට දස්කාල් දෙස වරක් බැලූ කාලන්ද එය සනාත කලේ දස්කාල් නම් සිත යටින් ඔවුන් හට බැන වදින විටය..
"උඩු මහලේ තිදෙනෙකු හට කුටි ඉතිරිව නැහැ කුමරියනි...ද්විත්වයක් පමණයි ඉතිරි..."
සිය මිතුරන් දෙදෙනාගේත් චන්දෲගේත් මුව ඇදව යනවා දුටු දෙව්දාර් වුවමනාවෙන්ම එසේ පැවසුවේය..කෙසේ වුවත් උඩු මහලේ කුටි ඉතිරිව පැවතුනේ ද්විත්වයක් පමණි...කාමර සයක් එහි පැවතුනු අතර...භාති හා සමුද්‍ර නම් උදයේම විසල්ම කුටි ද්විත්වය වෙන් කර ගත්තහ...දස්කාල් නම් සිටින්නේ ඉදින් දෙව්දාර්ගේ කුටියේහිමනෙ....ශියා හටත් වෙනම කුටියක් දුන් පසු ඉතිරි වන්නේ ද්විත්වයකි..ඉදින් කෙලෙසකවත් මේ තිදෙනා හට ඒවා දීමට නොහැක...
ESTÁS LEYENDO
°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]
Ficción histórica"මේ එක් ශිෂ්යයෙකු තම ගුරුන්ට දෙන වදනයි_ එක් බාලසොයුරෙකු තම වැඩිමලා හට දෙන වදනයි__ මා ඔබ වෙනුවෙන් බලා සිටිනවා_ ඔබ කොහි සිටියත් ඔබ සොයා පැමිනෙනවා_ ඔබව සුරකිනවා_ ඔබ වෙනුවෙන්ම මියයනවා_"...