නිසැකයි මෙය අසිපත් පහරක්...කුමකින්ද මෙය සිදුවූයේ චන්දෲ"
ලොව යම් ආකාරයේ ආයුධ පවතීද...ඒ සියල්ලක්ම ගැන මනා දැනුමක් ඇති දෙව්දාර් හට මේ කැලැල අසිපත් පහරක් බව හදුනාගැනීමට ක්ෂණයකුදු ගත නොවුනි....
"කාලනේත්‍රයෙන්..."
දස්කාල් පවසනා විට දෙව්දාර් එම පිළිතුර බලාපොරොත්තුවෙන් සිටියා ලෙසින් හිස වැනුවේය...
"කාලනේත්‍රයේ සැබෑ අයිතිකරු...මා පවසන්නේ එහි නිර්මාණකරු...කවුරුන්ද කියා ඔබ දන්නෙහිද කාල"
දස්කාල්ගේ කේෂය පිසදැමූ වස්ත්‍රය පසෙක තැබූ දෙව්දාර් සෙමෙන් ඒ ධවල පැහැ කේෂන් අය්හරින් දෑත් යවමින් ඇසුවේ දස්කාල් හැරී ඉහු දෙස බලනා විටය...
ඒ හරිත පැහැ නෙතු දෙසම බලාන සෙමෙන් හිස වැනූ දස්කාල් දෙව්දාර් ශක්තිමත් පපුතුරට සිය හිස තබා ගත්තේය...
"යු..වරජුන්...ඒ...එකල රාජ්‍යයේ යුවරජුන් නොවෙද දේව්....කාලනේත්‍රයේ නිමැවුම් කරු.....පිටුවහල් කල යුවරජු තූර්ය නොවෙද පවුරූ...."
දෙව්දාර්ගේ පපුවෙන් හිස ඔසවන්නේ නැතිවම දෑස් පමණක් ඔසවා දෙව්දාර් දෙස බැලූ දස්කාල් එසේ අසනා විට....දෙව්දාර්හට සිය වදන් සිරවී ඇත්තාක් මෙන් දැනී තිබුනි....
ඒ කාල පැහැ නේත්‍රයන් දෙසම බලාන දෙව්දාර් සෙමෙන් හිස වැනුවේය...
"හ්ම්...ඒ ඔහු...."
"පවුරූ...නමුත්..."
දස්කාල් යමක් අසන්නට ගියද..දෙව්දාර් හට තවත් මේ කතාබහ දුරදිග ගෙනයාමට අවශ්‍යතාවයක් නොවුනි...තමා දන්නා දෑ ඔහු හට කීමට තවම නිසි කල නොවූයෙන් දෙව්දාර් සිය පපුමත්තේ හිදින තැනැත්තාගෙන් ඒ සියල්ලක්ම අපහසුවෙන් වුව සැගවූයේය....
"ම්හු..දැන් කතා අනවශ්‍යයි...අපට තිබෙනවා කිරීමට වෙනත් යමක් ම්ම්..."
සත්තකින්ම දෙව්දාර්ගේ ස්වරය කෙබදුද යත් ඒ පපුව මත හිස හොවාන සිටි මකර සෙන්පතිගේ සිරුරෙහි හිරිගඩු පිපීමට තරම් එය සමත්කම් දක්වා තිබුනි....
"දේ..ව්"
දස්කාල්ගේ කඩින් කඩ ඇසුනු ස්වරයට පිළිතුරක් දීමට නොහැකි තරමින් ඒවනවිට දෙව්දාර් කාර්‍යබහුල වී සිටියේය..
YOU ARE READING
°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]
Historical Fiction"මේ එක් ශිෂ්යයෙකු තම ගුරුන්ට දෙන වදනයි_ එක් බාලසොයුරෙකු තම වැඩිමලා හට දෙන වදනයි__ මා ඔබ වෙනුවෙන් බලා සිටිනවා_ ඔබ කොහි සිටියත් ඔබ සොයා පැමිනෙනවා_ ඔබව සුරකිනවා_ ඔබ වෙනුවෙන්ම මියයනවා_"...