"සමුද්‍ර ඔය ඇති"
මේ සියල්ල දෙස උපේක්ෂාවෙන් බලා සිටි දස්කාල් මිමිණුවේ සෙමෙනි..
''නොවේ චක්රා..කෙසේද මේ නීචයා මෙසේ ඔබේ පියාණන් හට අපහාස කරනුයේ..මෙතැන්හි මා නොවේ මගේ පියා සිටියානම් යුවරජු හට විරුද්ධව එකදු වදනක් මේ අධම මුවින් පිට කිරීමට නොහැකි වේවි''
මෙතැන්හි රැස්ව සිටි සියල්ලන්ම මරා දැමීමට තරම් කෝපයකින් සිටියද දස්කාල්ගේ වදන් ඉවතදැකීමට නොහැකි වූ සමුද්‍ර අසිපත් ද්විත්වය පසෙකට ගත්තේ නොනිමි කෝපයෙනි...
කාලන්ව හා මේඝව අත්හැරි හේ දස්කාල් අසලට ගොසින් එක් දණක් භූමිය මත තබා පහත් වූයේ සිය ධූර්තයෙහි කෙලවර භූමිය මත තබා අල්වා ගනිමිනි..
කෙසේ වුවත් එකී මොහොතේ සිට මේ මොහොත දක්වාම ස්වාමියා සේවකයා ලෙස බැදීමක් පෙන්වූ සමුද්‍රගේ මේ ක්‍රියා කලාපය දස්කාල්ගේ හෘදය පීඩාවට පත් කොට තිබිනි..
දෙව්දාර් සමුද්‍ර භාති මෙන්ම ශියාද තමාගෙන් යම් කාරණයක් සගවන බව බොහෝ කලක සිට දස්කාල් දැන සිටියද ඔහු එය හාරා ඇවිස්සීමට නොගියේ සුදුසු කාලය පැමිනි විට ඔවුන් තමාට එය පවසාවි යන විශ්වාසය සහිතව වුවත් කාරණය මෙතරම් බැරෑරුම් භාවයක් ගනීවි යැයි දස්කාල් සිහිනෙනුදු නොසිතුවේය...
තමා මකර සෙන්පති ලෙස කාලනේත්රය හෙබවූවද තමා සැබෑවටම අතුරුදහන් ව පැවති එකී කාලනේත්රයේ සැබෑ හිමිකරුම වග හේ දැන නොසිටියේය..
තම පියාණන්..යන්තමින් අපහැදිලි චායාවන් සහිතව සැමදා මතකයේ රැදි තම පියාණන් සැබෑවටම අතීත කතා පුවත් අසද්දී තමන් බොහොම කුතුහලයෙන් යුතුව සවන් දුන් ,සිදුවූ මරණය පිලිබදව හදවතින්ම ශෝක වූ යුවරජ තූර්යම වග හේ නොදැන සිටියේය...
එම කතා පුවත් වලට අනුව...යුවරජු තූර්ය හට මරණයේදි පවා වෙන් කල නොහැක්කා වූ ප්‍රාණසම මිතුරන් ද්විත්වයක් සිටි බවත් ..කුල මල බේද නොසලකා හැර යුවරජුන් ප්‍රාණසමව ප්‍රේම කල තරුණියක් සිටි බවත් ඒ සියල්ලන්ම රාජ්‍ය රැකගැනීමේ අරමුණින් දුෂ්ට ආර්ය කුමරු ඇතුලු පිරිසද ඝාතනය කරමින් ඝාතනය වූ වග දැන සිටියද

ESTÁS LEYENDO
°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]
Ficción histórica"මේ එක් ශිෂ්‍යයෙකු තම ගුරුන්ට දෙන වදනයි_ එක් බාලසොයුරෙකු තම වැඩිමලා හට දෙන වදනයි__ මා ඔබ වෙනුවෙන් බලා සිටිනවා_ ඔබ කොහි සිටියත් ඔබ සොයා පැමිනෙනවා_ ඔබව සුරකිනවා_ ඔබ වෙනුවෙන්ම මියයනවා_"...