"පවුරූ මා එනතෙක් සිටින්නකෝ"
දස්කාල් කෑගසමින්ම දෙව්දාර් පසුපස දිවගියා...නමුත් දෙව්දාර්ගේ ගමන් කරනා වේගය අඩුවුනේ වත් දස්කාල් පැමිනෙන තුරු බලා සිටියේවත් නැහැ..ඔහු ඔහුගේ මාර්ගයේම කුටිය වෙත ඇවිද ගියා..
දෙව්දාර් කුටිය වෙතට ඇතුළු වූ පසු මොහොතකට අනතුරුව දස්කාල්ද පැමිනියා
"ඔබ නම් මහා දුෂ්ඨයි පවුරූ...මා එනතෙක් සිටියේවත් නැහැ"
"මා කුමකටද ඔබ එනතෙක් සිටින්නේ"
මුහුණ ඇඹුල් කරගත් දස්කාල් කුටියේ කෙලවර පිහිටි මැටි කලයෙන් ජලය පොදක් පානය කලා....
මේවන විට හිරු බැස යමින් පැවතුන හෙයින් දස්කාල් හට සිදු කිරීමට වෙනත් කාර්යක් පැවතියේ නැහැ...දෙව්දාර් දෙස බැලූ දස්කාල් දුටුවේ ඔහු යමක් කල්පනා කරමින් සිටින අයුරක්.ඔහුට භාදාකිරීමට සිත් නොදුන් දස්කාල් කලෙකින් දෑතට නොගත් සිය වස්දඩුව රැගෙන කුටියෙන් පිටතට පැමිනියා...
පෙර සතියේ කුමරු විසින් තමාව කුටියෙන් පිටතට ඇද දැමූ මොහොතෙහි රාත්‍රිය ගතකල වෘක්ෂය වෙත සෙමෙන් ඇවුද ගිය දස්කාල් එහි දෙබල මත හිදගෙන ඈතින් පෙනෙන සිය කුටිය දෙස බැලුවා...
අනතුරුව තම වස්දඩුව දෙස නෙත් යොමුකල දස්කාල් කල්පනාවට වැටුනා...
දස්කාල්ට කුඩා කල සිටම හැකියාවක් තිබුනා මිහිරි ලෙස වස්දඩුව වැයීමට....ඔහුට අපහැදිලි මතකයක් තිබුනා තම මෑනියන් ඔහුට එය ඉගැන්වූ බවක්...පෙරදී තනිකමක්,හිස්බවක් දැනුනු සෑම මොහොතකම වස්දඩුව වැයීමට ඔහු ප්‍රිය වූවත් කාලන් එයට අකමැති වූ හෙයින් ඔහුට එය නැවතීමට සිදුවුනා...
දස්කාල් සැබැවින්ම මකර සෙන්පති වූවත් මාලිගය තුලදී ඔහු සාමාන්‍ය අඩුකුලයේ අස්වපාලකයා පමනයි.. බොහෝ දිනවල රැය පහන් වනතුරු යුධාංගනයේ කාලන් පුහුනුවීම් වල නිරත වනවා...දස්කාල්ගේ කුටිය යුධාංගනයෙන් එපිටින් පිහිට තිබුනද රාත්‍රියේ මාරුතය කපා ගෙන තියුනු හඩින් ඇසෙන දස්කාල්ගේ වස්දඩුරාවයට කාලන් ප්‍රිය වූයේ නැහැ....
එහෙයින් මසක් පමන කාලයක් තම වස්දඩුව අත් හැර දැමීමට දස්කාල් හට අකමැත්තෙන් වුවද සිදුවුනා...
YOU ARE READING
°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]
Historical Fiction"මේ එක් ශිෂ්යයෙකු තම ගුරුන්ට දෙන වදනයි_ එක් බාලසොයුරෙකු තම වැඩිමලා හට දෙන වදනයි__ මා ඔබ වෙනුවෙන් බලා සිටිනවා_ ඔබ කොහි සිටියත් ඔබ සොයා පැමිනෙනවා_ ඔබව සුරකිනවා_ ඔබ වෙනුවෙන්ම මියයනවා_"...