"පවු..රූ"
දස්කාල්ගේ හඩ ඇසුනේ කැඩි කැඩී මෙන් ය...නිසැකයෙන්ම ඔවුන් සිප ගැනීම නම් දුටුවා විය යුතුමය...තමා හට නම් කුමක් වූවත් කම් නැත....නමුදු දෙව්දාර්...චන්ද්‍ර රාජ්‍යය ස්ථාවරව පවතින්නේ නම් එයට හේතුව හුදෙක් ඒ අන් කිසිවක් නොව දෙව්දාර් පමණක්ම විය....ඉදින් එවිට...දෙව්දාර් නොමැති රාජ්‍යක් ගැන සිතන්නේවත් කෙසේද?...
කාලන් මෙය අතැර දැමුවත් ශිල්යා නම් එසේ නොකරන වග සක්සුදක් සේ දස්කාල් දැන සිටියේය...ඉදින් එවිට...
දස්කාල් හෙමිහිට දෙකකුලින් ඉස්සී ඈත බැලුවේය...මද සැනසීමක් දැනුනි...සූර්ය සෙබලුන් ඈතින් සිටියද...ඔවුන් සිටියේ මේ දර්ශනය පෙනෙන තරම් දුරකින් නොවුනි....එය සහනයකි..නමුත් ඉදින් මේ තිදෙන...
ශිල්යා හා කාලන්ව හදුනනවා වුව ඔවුන් හා සිටිනා අනෙක් තරුණිය කිසිවෙකු හැදිනුවේ නැත...
ඒ අතර සමුද්‍ර හට තවත් පැනයක් ඉතිරිව තිබුනි..මෙතෙක් කල් සඟවා උන් ඔවුන්ගේ මිතුරුකම හෙලි උනිදැයි හේ සිතුවේය...
නමුදු හේ සිටියේ එකම තීරණයකයි...සමුද්‍ර යනු සෑම විටමක යමක් තීරණය කෙරුවහොත් එය වෙනස් කරනා අයෙකු නොවෙයි....බොහෝ අයවලුන් මෙන් තීරණයක් අතරතුරදී දෙපසට වැනෙමින් සිටින අයෙකු නොවෙයි...සූර්ය සෙන්පතිගේ පළමු තීරණය..ඔහුගේ අවසන් තීරණය වූවා සේම....එය කිසි විටෙකත් වෙනසක් නොවුනි...
ඉදින් දැනටමත් සමුද්‍ර තීරණයක් ගෙන අවසන් ය....ඔවුන්ගේ රහස් එලිවූවා හෝ නැතා...කුමන තත්වයකදී වුව...තමා ගත යුතු පාර්ශ්වය හේ තීරණය කර අවසන් ය...
සමුද්‍ර දෙව්දාර් දෙස බැලුවේය...ඔහුගේ ඒ මුව'ග තිබූ නොසැලෙන බාවය සමුද්‍ර හට සත්තකින්ම සහනයක් ගෙන දුනි....සමුද්‍ර දෙව්දාර්ව මනා සේ දත්තේය...රජුට වුව අනවශ්‍ය මොහොතකදී හිස නොනමන ඔහු මෙතැනදී කිසිම ලෙසකින් කිසිවෙකුට කිසිවක් වීමට ඉඩ නොදෙන වග සමුද්‍ර මනා සේ දැන සිටියේය...
"ඔබ තුමන්ලා කිමද මෙහි?"
දෙව්දාර් සිය හුරු පුරුදු රුදුරු බැල්ම වෙනස් නොකරම කාලන් ඉදිරියට යමින් ඇසුවේය....
ESTÁS LEYENDO
°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]
Ficción histórica"මේ එක් ශිෂ්‍යයෙකු තම ගුරුන්ට දෙන වදනයි_ එක් බාලසොයුරෙකු තම වැඩිමලා හට දෙන වදනයි__ මා ඔබ වෙනුවෙන් බලා සිටිනවා_ ඔබ කොහි සිටියත් ඔබ සොයා පැමිනෙනවා_ ඔබව සුරකිනවා_ ඔබ වෙනුවෙන්ම මියයනවා_"...
![°°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]](https://img.wattpad.com/cover/281029235-64-k809157.jpg)