05වන කොටස.....(bonus )

7.8K 1.2K 240
                                    

වැස්සෙ තෙමීගන ආව මම අවසානෙදි කාර් එක ස්ටාර්ට් කර ගත්තා .........එයාගෙ වචන මගෙ හිතට කනා මැදිරි එලියක තරම් බලාපොරොත්තු ඇති කරනකොට යන්න ගියපු එයා මගෙන් ඈතට යන්න ගියෙ එකම එක ඵොටෝ එකක් වත් ඉතිරි නොකර කියන එක තවත් දුකක් උනා.....

එක අතකට උඹ එහෙම කරපු එක හොදයි මැනික....මොකද මතක තරම් හිත පාරන කිසිම දෙයක් නෑ......

වැහැපු වැස්ස එහෙම්ම පායනකොට ගෙවල් දොරවල් වල කහපාට ලයිට් එකක් නෑරම පත්තු උනා....දලදාවෙ අද ඕනාවටත් වඩා පහන්  පිරිලා ඇති ........

අපි හරි අසරනයි.....හැමදේම අතාරින්න කියපු බුදුහාමුදුරුවෝ ගාව පවා අපි ගිහින් ඉල්ලුවෙ අනේ හාමුදුරුවනෙ අපිට අරක දෙන්න...අපිට මේක දෙන්න මිසක්....කවුරුත් සංසාරෙ කෙටි කරන්න ඉල්ලුවෙ නෑ......

ඉතින්...අද රෑ කියන්නෙ....රවීන්ට...එහෙම නැතිනම්....මම පන වගේ ආදරේ කරපු මගෙ මැනික...මට අයිති නොවුන එයාගෙ මහත්තයට හැගීම් පන ගස්සවන......උදේට මූනෙ හිනාවක් පිපෙන රැයක් උනත්.....මේ නිතේශ්ට මේ රෑ කියන්නෙ.......අවුරුදු හතරක් පරිස්සම් කරපු එයගෙ ආදරේ සදහටම අහිමි වෙන දවසක්......

ඒ දෙන්නා කොහොම ඉදීද  ..මොනවා කරයිද ...එයා අඩයිද ......එයාට රිදෙයිද......රවීන් මොනවා  කරයිද....කියන දේ දුර්වල මගෙ හිතම වහගන්නකොට මගෙ අතින් තල්ලන්න තිබුනම මලක් වෙන කෙනෙක් අතෙන් තැලෙනව කියන එක පපුවට දැනෙනකොට මම ස්ටියරින් වීල් එකට පාරක් ගැහුවා....

සමහර තැන්වලදි පිරිමි හිත් අසරන වෙනතරම් ගෑනු දන්නෙ නැතුව ඇති.......සමහර පිරිමි ඉන්නවා ආදරේ දෙන්න ගියහම ඒ ආදරේ ගැන ආය කියන්න දෙයක් නැතිවෙන තරමටම ආදරේ දෙන.....

විරහ වේදනාව අහස උසට ඉහිලුවත් මේ නිතේශ් කියන්නෙත් ආදරේ දෙනකොට පැලෙන්න දෙනකෙනෙක්.........

කොච්චර අඩන්න එපා කියලා කිව්වා උනත් මටත් නොදැනිම ඇස්වලට කදුලු ආවා....අද රෑ....මුලු නුවරටම සනිපෙට නින්දයාවී...ඒ උනත්.......

ඒකි මගෙ උනා නම්....ඇදට දාන සුදු පිරුවටේ ලේ පැල්ලම බලන්න එන්නෙ අත්තම්ම වෙන්න තිබුනා උනත්...උන් මගෙ හදවත පන පිටින් ගලවලා දානකොට මම කරලා තියෙන්නෙ වෙන එකෙක්ට දෙන්න බලන් ඒකිව රැකපු එක..මටත් හැගීම් තිබුනා දෙවියනෙ......දවසක් හරි නිදාගන්න ඕනා උනා....නැතුව නෙවෙ....දවසක් හරි..අඩවන්න ඕනා උනා...නැතිව නෙවෙ.....ඒ උනත් මම මාවම පාලනේ කරගත්තා ..මොකද....මං දන්නවා...වලව්වෙ හාමුලා මැනිකෙලාගෙ කන් වලින් රිංගන්න ඒජන්ත හාමුදුරුවන්ටවත් බෑ කියලා ......

BREATH OF LIFE (Complete)Where stories live. Discover now