81වන කොටස...

5.5K 976 331
                                    

රැල්ල ගහනවා....ආයම මුහුදට  යනවා.....ආයම වදිනවා    ආයම යනවා....මම ඇස් හීනි කරන් බලන් උන්නා....ශෙනෝනයගෙන් අලුත් මල්ලි ගැන අහන්න ගිහින් කට කැඩුන කතාවක් අහගත්තු වත්තල නඩේ ආපයිම්ම යන්න යනකොට අරූ තවත් බලන් උන්නා.. ....

අද ඉදලා හෙට යමු නේ බන්...උඹලට ගෙවල් අස් කරන්නත් එපැයිනෙ ...

කොහෙ ඉදීද දන්නෙ නෑබන්...මොකටත් කියලා හෙට යන එකම හොදයි.....

ම්ම්ම්.....මං උඹෙන් අහන්න උන්නෙ සෙනාරි ආය මීක් ගෑවෙ නැද්ද ....

නෑ.....ඒකිට කියන්න ඕනා ටික කිව්වනෙ බන්......ආය ගත්තෙ නෑ.....

මම නිල් පාට මහ මුහුද දිහා බලන් උන්නා බත්තලන් ගුන්ඩුවෙ මිනිස්සුන්ට නම් නිවනක් ඇත්තෙම නෑ...ඒමිනිස්සු මහ මුහුද එක්ක ඔට්ටු වෙනවා...ඔට්ටු වෙනවා...ඉවරයක් නෑ......මෙහෙන් කරවල කරනවා....අවසානෙදි මීගමුවට.....කොළඹට පටවනවා..තව සමහරක් රට පටවනවා......හුස්ම ගන්න ඒ මිනිස්සු විදින දුකක්....

ඇත්තටම කිව්වොත් ඉපදීම දුකක්....හැමෝටම.....ටිකක් නෙවෙ...අමු දුකක්....ඉපදුන දා ඉදලා මිනිස්සු කරන්නෙ ජීවත් වෙන්න නහින එක...නැත්තම් මොකටද මිනිස්සු ගෙදර ආව ගමන් අද නම් මැරුනා...මැරෙන්න තරම් මහන්සී කියලා කියන්නෙ.....

එක පැත්තෛන් කියනවා ඉපදීම දුකක් කියලා ...අනිත් පැත්තෙ  කියනවා මනුස්ස ආත්මයක් ලබන්න පින් කරන්න ඕන කියලා...මට තේරෙන්නෙ නෑ ඕකෙන් කෝකද හරි කියලා .....ඇස් ඇරෙන මොහොතෙ ඉදන් මැරෙන මොහොත දක්වා මිනිස්සු හිනා වෙලා ඉන්නවා නම්කමක් නෑ....ඒත් ඒ ජීවිතේ ඒ කා කාරයි....අනේ මංදා මට තේරෙන්නෙ නෑ.....දුකක් දැනෙන හැම වෙලාවෙම පවක් ගෙවෙන බව හිතන්නලු.....ආයම කියනවා උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ කියලා....මට මේවා තේර්‍ර්න්නෙ නෑ.....අවංකවම තේරෙන්නෙ නෑ......

හුස්ම ගන්න නහින කාලෙ අතර තුර ආදරේ දෙන්න අවංක කෙනෙක් හම්බ උනොත්.....ඒ ඇති......එහෙම හිතනවා...

මට බෑ තවත් මෙ විකාරෙ හිතන්න......ජීවිතෙ ගැන හිතන්න අමාරුයි....ඒක නිකන් පැටලුන නූල් බෝලයක් වගේ....වෙලාවකට ඔලුව විකර වෙන....වෙලාවකට නූල කඩාගන යන්න හදන සරුංගලයක් වගේ....වෙලාවකට කූඩු කරලා හදන කුරුල්ලෙක් වගේ.....මට කියනවා නම් කෙටියෙන් කියන්න  තියෙන්නෙ මෙච්චරයි ...මුලු ජීවිතේම මහ වේදනාවක් කියලා  ..ආය ඉපදීමක් නැති තරමට හොදයි....ඒත්...මම එයායට පොරොන්දු උනා.....ඊලග පාර කාටත් කලින්  මම ඉපදිලා එයාවම ආයම හියා ගන්නවා කියලා...මේ තරම් නම් අඩවණ් නෑ කියලා........

BREATH OF LIFE (Complete)Where stories live. Discover now