108 වන කොටස...

4.8K 943 358
                                    

මම අත්තම්මගෙ ඇදේ කොනකින් ඉදගත්තා ......දුම්මල ගහලවත් එලවන්න බැහැයි කියන ගෙවල යක්කුන්ට දොල පිදේනි දීශි යක්කු එලවනකොට පෙරේතයො වහන් උන්න අත්තම්මා ඇදේ වකුටු වෙලා හූ තිබ්බා ....

මිනී පෙට්‍ටි තුනක් ...නෑ...හතරක්...තියන්න ඉඩක් වත් තව ටිකකින් නැත්තටම නැති වෙන්න මුලු වලව්වම සමතලා වෙලා යන හැටි බලන්න මම  සැදී පැහැදිගන උන්නා.....

අත්තම්මෙ...

මම අමාරුවෙන් හුස්ම අදින අත්තම්ම දිහා බැලුවා  ...ඇස් මුල් වලට කබ පවා එකතු වෙලා තියනකොට මැරෙන බව දැන දැන තවත් මරන්න හිතක් නැති මම එහෙම්ම ඇද රෙද්දෙම්ම ඒ ඇස් දෙක පිහිද ඇරියා....

උඹගෙ මේ ඇස් වල..අපි වෙනුවෙන් එක අංශු මාත්‍රෙකින් වත් ආදරයක් තිබ්බා නම්.....උඹට අපි ආදරේ කරන්න ගියා අත්තම්මෙ.. ..

ඇගිලි දෙකට හිර උන  සිගරට් එකේ දුම ඔහේ පාවෙලා යනකොට දන්සලක් වදින්න ආව උන් වගේ මිනිස්සු එකා එකා කවිච්චි.....ඇදන්.....මේසා....අල්මාරි පවා එකා එකා එලියට අදිනකොට අත්තම්ම බැරි බැරි ගාතෙ නැගිටින්න හැදුවා  ..ඒත් තන්හාව..ඒත් තන්හාව......මැරෙන බව දැන දැනත් පොදි ගහනවා ...ඒත් තන්හාව ........

එකා දෙන්නා එකා දෙන්නා වලව්වෙන් බඩු අරන් යනකොට අද නම් මට පෙට්ටි කර ගහන්න මිනිස්සු හොය හොය හිගා කන්න උනේ නෑ....වත්තෙ මුල්ලක කොල්ලො කැරම් ගහනකොට මං බලාගන සීයා තාත්තගෙ හොර ගෑනු පුදුමාකාර සමගියකින් කෝපි හට්‍ටි උනු කරනවා.....

බලහන්කො අත්තම්මෙ....ටම සිරි වෙන මලගෙයක්නෙ මේක......ආ..හක්....සුපිරි ....ආය...සු...පි....රි.....

මම අත්තම්ම්ම දිහා බලල  කට කොනකින් හිනා වෙනකොට අත්තම්මා දත්මිටි කෑවා......මට තේරෙන්නෙ නෑ මට මොන යකෙක් වැහිලද කියලා ....අරහෙන් මගෙ ගැනි.....අම්මා....ලොකු අම්මා ...සීයා තාත්තා ...මේ ඔක්කොම මැරිලත් මම හිනා වෙනවා.......

නෑ...මම හිනා වෙන්නෙ නෑ...මට හිනා යනවා   ....මිනිස්සු හැම දේම අතාරින්නෙ හොයලා බලන එක අඩු උනාම... මිනිස්සු අඩන්න ඕන තැන පවා හිනා වෙන්නෙ හදවත ගලක් උනාම......කාලයක් තිස්සෙ ආදරේ බලාපොරොත්තු වෙලා...වෙලා අවසානෙදි ආදරයක් වෙනුවට හැමදාම ලැබුනෙ අනක් විතරක් වෙන තැන මම උන්ට ආදරේ කරන එක අතෑරියා සදහටම .......වෙන ගෙදරක නම් කෙල්ලො ගොඩක් මැදට තනි කොල්ලෙක් ඉපදුනාම ඒ කොල්ලට තරම් සැප හම්බෙන් නැතුව ඇති රජෙක්ට වත්....ඒත් මට...මට උනේ අනිත් පැත්ත..මං තරම් දුක් විදලා නැතුව ඇති මොන යකෙක් වත්........

BREATH OF LIFE (Complete)Where stories live. Discover now