08වන කොටස....

6.7K 1.2K 521
                                    

බබා...ඇයි බබා කියන්නකො...ඩියෝන්...මොකද ඔච්චර මුරන්ඩු කම ඩියෝන්....

නෑ...නෑ.....මගෙ මෙතන කිසීම මුරන්ඩු කමක් නෑ

එහෙනම් මොකක්ද ඔයාගෙ ප්‍රශ්නෙ කියන්නකො

මට ඇති ප්‍රශ්නයක් නෑ.....කිව්වනෙ සැරයක් පාඩුවෙ ඉන්නෙ....

ඔයාට ප්‍රශ්නයක් නෑ කියන එක තමා මට තියන ලොකුම ප්‍රශ්නේ...අනෙ බබා...මම වලනුත් හේදුවනෙ    ....අනික අද උදේ ඇදත් හැදුවෙ මම...කිලුටු රෙදි  තැන් තැන්වල නොදා ඩස්ට්බින් එකටත් දැම්මනෙ    ....වෙන වැරදි නෑනෙ ....

මං දන්නෙ නෑ ශෙනෝන් ඔයා පාඩුවෙ ඉන්න...පාඩුවෙ ඉන්න....කියන සිංහල තේරෙනවනෙ..දෙමල නෙවෙනෙ...පාඩුවෙ ඉන්න කියන්නෙ පාඩුවෙ ඉන්න කියන එක.....මෙතන වෙන ඒවා නම් ඔක්කොම මතකයි....

කුනු කුනු ගාන්නෙ හයියෙන් කියන්නකො...

මං කිව්වෙනේ පාඩුවෙ ඉන්න කියලා.....අහකට පලකො මට මේක බලන්න දීලා

ආ උඹ එහෙමද....හා බබා....වරෙන්කො...වරෙන්කෝ........

මං එන්න හැරිලා ආයම දොර කොඩ ගාවදි බලන් උන්නා ...අරූට නොදැනුවත්ම උගෙ අතින් උන වැරද්ද හොයා ගන්න ඌ ගේ වටේ දුවනකොට බොටමා උගෙ අර පොඩි පස්සත් ගස්ස ගස්ස අඩි ගගහා එහා මෙහා ගියා...ඊට පස්සෙ ආයම අර කින්පුස්ද මොන මගුලද බලන්න ගත්තා ..

ඒවා හරි ආදරනීයයි......ඇත්ත.. .උන්ට පින තියනවා....අදරෙ විදින්න...වගේම ආදරේ කරන්න  .....ඒ විතරක් නෙවෙ ඒ ආදරේ අයිති කර කරගන්නත්  ...උන්ට ප්‍රශ්න ආවා...පිලිකුල් කෙරුවා  ..සහෝදරයො ඈත් කෙරුවා......එක බත් පත කාපු උන් ගැරහුවා...ලොල්ලා...පොන්නයා...කොලුකාරයා....ගේ කුරුල්ලා....නගින් නැති එකා....කියන්න පුලුවන් උපරිම නම් කිව්වා...ඩියෝන්ට මූනටම පිම්පියා පවා කිව්වා...

.මට කියන්න...මනුස්සයෙට ඒ වගේ දෙයක් උහුලන්න පුලුවන්ද ....මිනිස්සු කවදාවත් මට මෙ වගේ වෙලා ඉපදෙන්න ඕනා කියලා මේ ලෝකෙට එන්නෙ නෑනෙ....මට කලු වෙලා එන්න ඕනෙ කියන්නෙත් නෑ...මට දුප්පත් වෙලා එන්න ඕනා කියන්නෙත් නෑ.....මේ ඔක්කොම මේ ලෝකෙට ආවට පස්සෙ එන පට්ටම් මිසක්....

එහෙම පට්ටමක් තෝරන් මේ ලෝකෙට එන්න තිබුනා නම්..මං ජීවිතේට වත් ඔය අනීතා කුමාරිහාමිගෙ බඩට එන්නෙ නෑ....

BREATH OF LIFE (Complete)Where stories live. Discover now