45වන කොටස....

6K 1K 316
                                    

දාවිතාගෙ ගෑනිට විලිරුදාව හැදිලා ...නව මාසයක් රැක්ක හිච්චා එලියට පනින්න හදනවා .....

ඒකි බෙරියන් දෙනවා .....ඒකි හූ තියනවා....උහුලන්ඩම අමාරු විලිරුදාව එක්ක ගෑනු ඇග පුපුරු ගහනකොට හත් දවසක් මගුල් නොකා හද පානෙම දාවිතා එක්ක ආව උගෙ අඹුව ගැබ්බරී වෙලා රාත්තිරියක වදන්ට තනනවා...

කෙටි හාමි බලන් ඉන්නවා ....දාවිතා වචනෙන් නොකිව්වත් හිත අස්සෙන් මොර දෙනවා...දෑහැ නොපෙනන ගුනාදරී දාවිතාගෙ ගෑනිගෙ තනි රකිනවා ....

අරකී හූ තියනවා

ඔහෑ.....

වැදුම් ගෙයක් නොවුන ගේ අස්සෙන් හිච්චෙක්ගෙ ඈඩියාවක් එක්ක දාවිතාගෙ ගෑනිගෙ බඩම සැහැල්ලු වෙලා යනවා ..

බලන්ඩ එපැයි..දාවිතාගෙ මූන....අප්පොච්චෙක් උන එකේ ආඩම්බරේ....කෙටි හාමි සතුටු කදුලු මැද සමන්දෙවි හාමුදුරුවන්ට අත්දෙක උස්සලා වදිනකොට දෑහැම නොපෙනෙන ගුනාදරී එලියට එනවා...

අප්පොච්චා.....

ඇස් දෙක නැති උනාට මොකටද ....ඒකිගෙ මූනෙ හිනාව පිරිලා......අම්මෙක් නොවුනත්...ඒකිගෙ පපුවෙ තියන ආදරේ.....

කෙටි හාමියි දාවිතයි බලන් ඉන්නවා...

සරමක්ද?? කම්බායක්ද කියලා ...

දෑහෑ නොපෙනුනත්....ගුනාදරීගෙ දෑහැම බබලනවා..

"අප්පොච්චා..සරමක්!!!!!"

........................!!! දාවිතාට සරමක්....

එදා දාවිතාලගෙ මූනෙ තිබුන සතුට මං ඉපදුන දා තියෙන්න ඇති...හැබැයි දරුකැක්කුමට වඩා මොල්ලිගොඩ හාමුලාගෙ කෙල්ලො ගොඩට කොල්ලෙක් හම්බුන එකට වෙනකොට මං කරුමයක් වින්දා....මං කරුමයක් ගෙව්වා .....

මං දත් මිටි කාගන තරහව පිට දානකොට අත්තම්මලා තක්බීර් වෙලා බලන් උන්නා.

ශෙනෝන්...

මං වලව්වම හෙලවෙන්න කෑ ගැහුවා .......මට යන්න ඕනා උනා..මට මේ මගුල් ඔක්කොම දාලා යන්න ඕනා උනා...මගුල අවමගුලක් උනත් වෙයන් කියලා මට මේ ඔක්කොම දමලා ගහලා යන්න ඕනා උනා..

ස්...සුදු...පුතා...

කට...කට...එකෙක් හුම් කියන්නෙ නෑ..ආ....තොපි එකෙක් කටක් අරින් නෑ....බිනරිහ් .........කන ඇහුනද.....වරෙන් මෙහාට.....

BREATH OF LIFE (Complete)Where stories live. Discover now